1984 දෙසැම්බර් සංහාර
සිංහල ජනපදකරණයේ දෙමළ සමූහ ඝාතන සිහිපත් කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාපෘතියක් වූ උතුරේ සිංහල ජනපදකරණය පිණිස, දෙමළ ජනතාව ඔවුන්ගේ පාරම්පරික ගම්බිම්වලින් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් මුලතිව් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල සිදු කළ සමූහ ඝාතන මාලාවක් 1984 දෙසැම්බර් මස මුල් සති දෙක තුළ ක්‍රියාත්මක කරන ලදී. 1984 දෙසැම්බර් 1 සිට 1984 දෙසැම්බර් 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා හමුදාව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කළ සමූලඝාතන, දේපළ විනාශ කිරීම්, වධ හිංසා පැමිණවීම් සහ ස්ත්‍රී දූෂණ හරහා දෙමළ ජනතාව පදිංචිව සිටි භූමීන්ගෙන් බලහත්කාරයෙන් ඉවත්කිරීම් සිදු කරන ලදී. 1980 දශකය පුරා ම ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමටත්, ඒවායේ සිංහල ජනයා පදිංචි කිරීමටත් බොහෝ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලදී. මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක, සාම්ප්‍රදායික ගොවිතැනෙහි සහ ධීවර කර්මාන්තයෙහි නිරත ජනතාවක් වාසය කළ පාරම්පරික දෙමළ ගම්මාන ගණනාවකින් සමන්විත විය. එම ප්‍රදේශ දෙමළ ජනයාට අයත් කුඩා හා විශාල ගොවිපළවලින් ද යුක්ත විය. පාරම්පරික දෙමළ ගම්මාන 50 කට ආසන්න ප්...