සත්තුරුකොන්ඩාන් සංහාරය
සත්තුරුකොන්ඩාන් සමූල ඝාතනයේ 32 වන අනුස්මරණය මෙම වසරෙහි මෙම මාසයේ දී, එනම් 2022.09.09 දින මඩකලපුවේ දී සිදුකෙරිණී. සත්තුරුකොන්ඩාන් සමූලඝාතනය යනු 1990 සැප්තැම්බර් 9 වෙනි දින මඩකලපු දිස්ත්‍රික්කයට අයත් සත්තුරුකොන්ඩාන් යුද හමුදා කඳවුර තුළ දී දෙමළ සිවිල් වැසියන් 184 දෙනෙකු අමානුෂික ලෙස ඝාතන කිරීමේ ඛේදවාචකය යි. එම ඝාතනයට ලක්වූවන් මඩකලපුවට ආසන්න ගම්මාන වන සත්තුරුකොන්ඩාන්, කොකුවිල්, පන්නිඅච්චිඅඩි සහ පිල්ලයාරඩි ගම්වාසීන් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනා සරණාගතයින් ය. ඝාතනට ලක් වූ 184 දෙනා අතර කාන්තාවන් 85 දෙනෙක්, වයස අවුරුදු 10 ත් 1 ත් අතර දරුවන් 42 ක්, වයස අවුරුද්දට අඩු දරුවන් 5 දෙනෙක්, ගැබිණි කාන්තාවන් 9 දෙනෙක්, වයස අවුරුදු 68 ට වැඩි වැඩිහිටියන් 28 දෙනෙක් සහ නව යෞවනයින් ද ළමයින් ද වැඩිහිටියන් ද වූ බව සඳහන් වේ. මෙම සමූල ඝාතනයට ලක් කළ 184 දෙනා අතරට සත්තුරුකොන්ඩාන් ගම් වැසියන් 38 ක්, කොකුවිල් ගම්සීන් 47 ක්, පන්නිඅච්චිඅඩි ගම් වැසියන් 37 ක් සහ පිල්ලයාරඩි වාසීන් 62 ක් ඇතුළත් ය. 1990 සැප්තැම්බර් 9 වැනි දින පස්වරු 5.30 ට නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු සන්නද්ධ පි...