Posts

Showing posts from December, 2024
Image
  යාපන තරුණයකුගේ ලියමන මැන්මදරාසා චන්ද්‍රශේගරන් විසිනි... ජාතික ජන බලවේගය සිතන ආකාරයට ජනවාර්ගික ගැටලුව මානුෂීය ගැටලුවක් නොවේ, එය ශ්‍රී ලංකාවේ විවිධත්වය නොපිළිගැනීමේ ප්‍රතිඵලයකි. ඔවුන්ට අනුව මෙම කුඩා දිවයිනේ ජාතීන් හා ජනවර්ග එකකට වඩා සිටින බව පිළිගත යුතුය. එසේනම් දෙමළ ජනතාව, ස්වාධීනත්වය සහ ස්වයං නිර්ණය අයිතිය ඇති ජාතියක් ලෙස පිළිගත යුතු අතර ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යුහය බහු වාර්ගිකත්වය පිළිගත් එකක් ලෙස ගොඩනැගිය යුතුය. ජාතික ගැටලුව නොනැසී පවතින, සංවර්ධනය අඩාල වීමට හේතු වූ කරුණු නොවිසඳුණු රටක, සියලු මිනිසුන්ට සියල්ලන් සමානව සලකන බව සිතීම විසින් ප්‍රශ්නය යටගසනු ලබයි. ජාතික ජන බලවේගය රැඩිකල් වාමාංශික ව්‍යාපාරයක් ලෙස පෙනී සිටියත් ඔවුන් සිතන්නේ ජාතික ප්‍රතිපත්තියේ රාමුව තුළ පමණි. වාමාංශික ධරාව නියෝජනය කරමින් පැමිණෙන්නවුන් බහුතරය පීඩිත දෙමළ ජනතාවගේ වේදනාවන් තේරුම් නොගෙන පසුගිය කාලය පුරා පීඩක පාර්ශවයට හවුල් විය. සිංහල බෞද්ධ දේශපාලනයේ මූලික මතවාදය වන ජාතික ආරක්ෂාව ප්‍රශ්න කිරීම ශ්‍රී ලංකා අධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකා අධිකරණය තුළ දෙමළ ජනයාට අඛණ්ඩව යුක්තිය ඉටුවීම ප්‍රතික්ෂේප වීම පිළිබ...