යාපන තරුණයකුගේ ලියමන මැන්මදරාසා චන්ද්රශේගරන් විසිනි... ජාතික ජන බලවේගය සිතන ආකාරයට ජනවාර්ගික ගැටලුව මානුෂීය ගැටලුවක් නොවේ, එය ශ්‍රී ලංකාවේ විවිධත්වය නොපිළිගැනීමේ ප්රතිඵලයකි. ඔවුන්ට අනුව මෙම කුඩා දිවයිනේ ජාතීන් හා ජනවර්ග එකකට වඩා සිටින බව පිළිගත යුතුය. එසේනම් දෙමළ ජනතාව, ස්වාධීනත්වය සහ ස්වයං නිර්ණය අයිතිය ඇති ජාතියක් ලෙස පිළිගත යුතු අතර ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යුහය බහු වාර්ගිකත්වය පිළිගත් එකක් ලෙස ගොඩනැගිය යුතුය. ජාතික ගැටලුව නොනැසී පවතින, සංවර්ධනය අඩාල වීමට හේතු වූ කරුණු නොවිසඳුණු රටක, සියලු මිනිසුන්ට සියල්ලන් සමානව සලකන බව සිතීම විසින් ප්රශ්නය යටගසනු ලබයි. ජාතික ජන බලවේගය රැඩිකල් වාමාංශික ව්‍යාපාරයක් ලෙස පෙනී සිටියත් ඔවුන් සිතන්නේ ජාතික ප්‍රතිපත්තියේ රාමුව තුළ පමණි. වාමාංශික ධරාව නියෝජනය කරමින් පැමිණෙන්නවුන් බහුතරය පීඩිත දෙමළ ජනතාවගේ වේදනාවන් තේරුම් නොගෙන පසුගිය කාලය පුරා පීඩක පාර්ශවයට හවුල් විය. සිංහල බෞද්ධ දේශපාලනයේ මූලික මතවාදය වන ජාතික ආරක්ෂාව ප්‍රශ්න කිරීම ශ්‍රී ලංකා අධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකා අධිකරණය තුළ දෙමළ ජනයාට අඛණ්ඩව යුක්තිය ඉටුවීම ප්‍රතික්ෂේප වීම පිළිබ...
Posts
තෛයිට්ටි හමුදා විහාරය - සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍රමණයේ තවත් නිදසුනක්
- Get link
- X
- Other Apps
මුල් ප්‍රකාශනය - නිවහල් වෙබ් අඩවිය http://www.nivahal.com/2023/06/thaiyattiPeoplesprotest.html උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් බෞද්ධ හමුදා විහාරස්ථාන ඉදිකිරීමේ දේශපාලන බල ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම උතුරේ සිදු කරමින් සිටී. උතුරේ දෙමළ ජනතාවත් දිගින් දිගටම එයට විරෝධය දක්වමින් සිටිති. එය හුදෙක් බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට එරෙහි හුදෙකලා විරෝධයක් ලෙස පටු අර්ථදැක්වීමක් දකුණ තුළ ගොඩනගනු ලැබුව ද, උතුර තම නොනවතින අරගල ය තුළ දිගින් දිගටම නිශ්චිතව ප්‍රකාශ කරනු ලබන්නේ තමන් එරෙහි වන්නේ ශ්‍රී ලංකා වර්ගතාන්ත්‍රික රාජ්‍යයේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍රමණවලට බවයි. ජනතා විරෝධය නොතකමින් යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ තෛයට්ටි ප්‍රදේශයේ යුද හමුදාව විසින් අලුතින් ඉදි කරන ලද තිස්ස විහාරස්ථානයට එරෙහි උද්ඝෝෂණ ද, අත්අඩංගුවට ගැනීම් සහ පොලිස් බාධාකිරීම් මධ්‍යයේ උතුරේ ජනතාව විසින් දිගින් දිගට සිදු කරමින් පවතී. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව යුද හමුදාව ...
1985 ත්‍රිකුණාමල සංහාර
- Get link
- X
- Other Apps
සිංහල ස්වෝත්තමවාදී උන්මාදයේ පීඩනය දෙමළාට එරෙහිව මුදා හැරීම අවසන් වූ දිනෙක, දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ අතීතය හාරා ඇවිස්සීම අවසන් කළ හැක. එතෙක් එය නොනැවැත්විය යුත්තකි. දෙමළාට එරෙහි පීඩනය ද පීඩනයට එරෙහි අරගලය ද අවසන් වී නොමැති බැවිනි. , සිංහල ඉතිහාස ප්‍රබන්ධය බිඳ දමා සත්‍යයට අභිමුඛ වීම අනාගතය වෙනුවෙන් සිදු කළ යුතු බැවිනි. , එකී ක්‍රියාවලියෙහි බරපතල කාර්යභාරය සිංහල සමාජය අභිමුවෙහි පවතින්නක් බැවිනි. 1985 ත්‍රිකුණාමල සංහාරය යනුවෙන් හඳුන්වනු ලබන්නේ, පාරම්පරික දෙමළ ජනාවාස ඉවත් කර සිංහල ජනපද ව්‍යාප්ත කරමින් සිංහල අධිපතිවාදී රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාප්තිය සඳහා, 1985 වර්ෂයේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ සිංහල ග්‍රාම ආරක්ෂක භටයින් විසින් සිංහල මැර කණ්ඩායම්වල ද සහයෝගය ඇතිව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි දෙමළ සිවිල් වැසියන් මහාපරිමාණයෙන් මරා දැමීමේ සැලසුම් සහගත සමූහ ඝාතන මාලාවකි. සැප්තැම්බර් මාසයෙන් පසුව ද මෙම වර්ෂය තුළ ත්‍රිකුණාලමය දිස්ත්‍රික්කයේ තවදුරටත් සමූහ ඝාතන සිදු කරන ලද අතර මෙම ලිපියෙහි අවසන එම සිදුවීම් පිළිබඳව ද දක...
කුමුදිනී සංහාරය 1985.05.15
- Get link
- X
- Other Apps
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 'කුමුදුනී' සමුද්‍ර යාත්‍රාවේ ගමන් කරමින් සිටි නිරායුද දෙමළ වැසියන් පිරිසක් සමූහ ඝාතනය කර මෙම මැයි මස 15 වන දිනට වසර 38 ක් සපිරේ. කුමුදිනී බෝට්ටුවේ සිටි මගීන් 72 දෙනා අතරින් 36-48 ත් දක්වා වූ සංඛ්‍යාවක් සාහසික ලෙස කපාකොටා ඝාතනය කළ බවට, වධ හිංසා ලැබ දිවි ගලවාගත් මගීන් ද දිවි පිදූවන්ගේ ඥාතීන් ද මානව හිමිකම් ක්‍රියාකාරීන් ද මානව හිමිකම් සංවිධාන ලේඛන ද සාක්ෂි දරයි. ඩෙල්ෆ්ට් (නෙඩුන්තීව්) දුපතේ ස්ථාපිත කර තිබෙන කුමුදිනී ස්මාරකයට උපහාර දක්වමින් සෑම මැයි 15 වන දිනකම ඩෙල්ෆ්ට් වැසියන් විසින් මෙම ඛේදවාචකය අනුස්මරණය කරනු ලබයි. කුමුදිනී සංහාරය සිදු වූ පසු Amnesty International සංවිධානය මගින් ඝාතනයට ලක් වූ මගීන් 23 දෙනෙකු නම් වශයෙන් හඳුනාගත් අතර, NESOHR සංවිධානය විසින් මෙම සිදුවීමේ දී ඝාතනය කළ පුද්ගලයින් 43 දෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කර ඇත. එනම්, පසුපතී නිර්මලාදේවි (20), කන්දයියා සතාසිවම් (56), ජේසුදාස් (46), මරියම්මා පතිනාදම් (49), කනකලින්ගම් (34), තිල්ලනාදන් (32), ගණප්‍රකාසම් මරියමානික්කම් (45), සදයාර් ගෝවින්දන් (46), සෙබමලෙයි අන්තෝනිප්පිල්ලෙයි ...