Posts

Showing posts from October, 2020

ඉක්බිති ඔවුහු බුදියගත්හ (Novel) First Printing - 2016, Ashirwada Publishers

Image
 

ටකරං සහ වඩිම්බු (Short Story Book) First Printing - 2014, Sanghinda Publishers,

Image
                                               ඉස්කෝලෙ මහත්තය නටබුන්වලට ඇහෙන්න කෑගැහුවා. ‘තොපි නෙමෙයි යකෝ ඉතිහාසෙ ගොඩනැගුවෙ අපි. ඒත් කෝ අපි ඉතිහාසෙ. ඉතිහාසෙ ලියල තියෙන්නෙ තොපේ නං විතරයි. කෝ අපේ නං. ඉතිහාසෙ කියන්නෙ අපේ දාඩිය. ඒත් පොතේ ඉන්නෙ තොපි. ඉතිහාසෙ තොපි නෙමේ යකෝ අපි. කෝ අපි. ඉතිහාසෙ හැදුවෙ තොපි නෙමේ අපි.’ ඉස්කෝලෙ මහත්තය. ඉස්කෝලෙ මහත්තයගෙ වම් අත ධර්මෙගෙ කරේ. කසිප්පු ධර්මෙ. ධර්මෙ ඉස්කෝලෙ මහත්තයව අදත් වත්තන් කරන් එක්කන් යනව. පාර දිගේ.  ‘යං මහත්තයො ගුරු නිවාසෙට. මේ පොඩි එව්වොත් හිනාවෙනව. රජගොල්ලන්ට දැං ඇහෙන්නෑ ඔව්ව.’ ‘හිනාවෙංඩ කියාපිය. උං හිනාවෙන්නෙ මට නෙමෙයි බං උංට. උංට උං හිනා වෙන්නෙ. රජගොල්ලන්ට නෙමෙයි තොපිටයි ඇහෙන්නැත්තෙ මෙව්ව. මෙව්ව රජගොල්ලො දන්නව. දන්නැත්තෙ උඹල. ඇහෙන්නැත්තෙ උඹලට. උංට මෙව්ව ඇහෙනව. ඉතිහාසෙ හැදුවෙ රජාල නෙමේ අපේ උං. ඕකුං මට හිනාවෙද්දෙං. ඕකුංගෙ බෙර ටික තෙමිල දිරල ගිහිං. බිමට පාත්වෙන්න ඔන්න මෙන්න බිත්ති. හදාගන්ඩ තඹදොයිතුවක් දෙන්නෙ නෑ ඕකු...

මන්දිර සරසන සේසත් කලාව

Image
  මන්දිර සරසන සේසත් කලාව (රාවය - 04.06.2017) “පිළිමතලාව, නුවර, කොළඹ කඩවලට සේසත් දාන්නෙ. නුවරින් සේසත් ගන්නෙ අඩු ගානට. දළදාමාලිගාවට දෙන්න වෙන්නෙ ගොඩක්ම අඩු මිලට. කොළඹ ගෙනියන එකයි ලාබ. ගෙවල්වලට පන්සල්වලට හෝටල්වලට උත්සවවලට පෙරහැරවල්වලට ලොකු කාර්යාලවලට හෙම ගන්නව, අපි කඩවලට දාන බඩු. පහුගිය කාලෙ චෝගම්වලට සෑහෙන්න වික්ක. චෝගම් එකෙන් ඉල්ලපු ගාන දෙන්නත් බැරි උනා උණවේරුවෙ අපි හැමෝම හදලත්. ඒකෙදි අපේම අය අපිටම වංචා කළා. අතරමැදියො වෙච්ච අපි එක්කම සේසත් හදන අය අපෙන් අඩු ගාන්ට අරන් වැඩි ගානට දීලා. අපි අපිටවත් ආරෝවක් නැතුව ඉන්න විදියක් නෑ සල්ලි ප්‍රශ්න හන්දා. අපිව රවට්ටන්න ශිල්පසභාවෙන් බොරුවට අපිට සම්මාන දෙනව. සමහර තෑගි තවම ලැබිලා නෑ. ශිල්පසභාව ගසාකනව. ලක්සලත් අපිව හූරන් කනව. ආණ්ඩුව අපේ ශිල්පියන්ව රට යවල ප්‍රදර්ශනය කරල අපිව විකුණගෙන කනව. අපිට ලැබෙන දෙයක් නෑ.” උණවේරුවේ පාරම්පරික සේසත් නිර්මාණ ශිල්පියකු එසේ පැවසීය.  එදා සේසත යනු ස්තරගත සමාජයෙහි ඉහළ පැළැන්තියේ පරිභෝජන භාණ්ඩයකි. එදා එම භාණ්ඩයෙහි වූ පරිභෝජන අවශ්‍යතාවය අද අහෝසි වුව ද, එදා සමාජයෙහි වූ ධූරාවලි රටාව අද වෙනස් වුව ද, අද ද සේසත ඉහළ පැළැන්...

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

Image
“ අපෙන් පස්සෙ මේ කර්මාන්තෙ අඟුල්මඩුවෙන් නැත්තටම නැතිවේවි.” (‘රාවය‘ පුවත්පත - 2017.06.25)                        “ඉස්සර මේ මුලු ප්‍රදේශයටම කිව්වෙ අඟුල්මඩුව කියල. මේ ගම ඉස්සර අයිති වුණේ මාතර දිසාවට. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කෙට. දැන්නම් අගුල්මඩුව කොටස්වලට බෙදිලා. අපි පොඩි කාලෙ මෙහෙට කිව්වෙ පහළ බෙලිගල්ල කියල. පහළ බෙලිගල්ලෙ කොස්ගහගොඩ ගම ඇරුණාම ඉතුරු අපි හැමෝම පාරම්පරික රන්, රිදී, පිත්තල, ලාක්ෂා, යකඩ ශිල්පී පවුල්වල අය. හැමෝම ඒ හැමදේම කළා. දැන් පහළ බෙලිගල්ල කොටස්වලට බෙදලා. අගුල්මඩුව, බෙලිගල්ල උතුර, බෙලිගල්ල දකුණ, වාඩිය කියලා. මම ඉන්නෙ බෙලිගල්ල උතුරෙ. මේ ඔක්කොටම තමා ඉස්සර අඟුල්මඩුව කිව්වෙ. ලංකාවෙ ඉස්සෙල්ලම ලාක්ෂා කර්මාන්තෙ පටන් අරන් තියෙන්නෙ අගුල්මඩුවෙන්.” ඇය, වඩුමේත්‍රීගේ දනෝරිස්හාමිගේත් ලෝකුරුගේ කිරිහාමිගේත් දියණිය වූ වඩුමේත්‍රීගේ ලීලාවතීගේ දියණිය වන දේවසුරේන්ද්‍ර රතුගේ චිත්‍රා ය. ඇගේ පියා පාරම්පරික ලෝහ භාණ්ඩ ශිල්පියකු වන දේවසුරේන්ද්‍ර රතුගේ නිකුලස්හාමි ය. පනස් හය හැවිරිදි දේවසුරේන්ද්‍ර රතුගේ චිත්‍රා පාරම්පරික ලාක්ෂා ශිල්පිනියක වූය...

බීඩි ඔතන ළදුන්

Image
  කහට පාට ඇඟිලි තුඩු (‘රාවය‘ පුවත්පත -  2017.05.14) “බීඩි දාහක් එතුවහම රුපියල් පන්සීයක් හම්බ වෙනව. ගෙදර ගෙනැල්ලයි කවුරුත් ඔතන්නෙ. කොම්පැනිය ඇතුළෙ ඔතන්නෙ නෑ. ලේබල් ගහන්නෙත් ගෙවල්වල. කොම්පැනිය ඇතුළෙ කරන්නෙ බන්ඩල් ගහන එක. කොම්පැනියට කිට්ටු දිහාස්වල එක ළඟ ළඟ ඔතන ගෙවල් තියෙන ගම්වලට කොම්පැණියෙන් බීඩි කොළයි දුංකොළයි නූලුයි ගිහින් දෙනව. මං කොම්පැනියට ගිහින් අරන් එන්නෙ. ඒ නිසා මට මගටත් වියදම්. දවසට කොහොමහරි දාහකට කිට්ටු වෙන්න ඔතාගන්නව. බීඩි කොළ කපාගන්නත් වෙලාවක් යනව. කපල තෙමල තෙත ඇරලයි ඔතන්නෙ. ඔතපු බීඩියෙ මූණ රතු වෙනකල් වේලන්නත් ඕනෙ. බීඩි විස්සෙ මිටි නූලෙන් බැඳල අපි ගෙනියනව. බීඩි හාරසීයෙ බන්ඩලේ කොම්පැනියෙන් කඬේට දාන්නෙ දෙදාහට. බීඩියක් රුපියල් පහයි. ඔතනවට අපිට බීඩියට සත පනහයි හම්බවෙන්නෙ. ලොක්කො කොම්පැනියට ඇවිත් බහින්නෙ පෙජරෝවලින්. එයාලට තව බිස්නස් ජාති තියෙනව. අපේ එක්කෙනා කළේ ගස් යන එක. පොල් ගහකට ඒ දවස්වලත් රුපියල් හැටක් ගත්ත. පිංකමකට තැඹිලි වල්ලක් බාල දෙන්න ගිහිං එයා ගහකින් වැටුණ. කකුල් දෙකම කැඩුණ. කකුලෙ ඇට මතු වෙන්න තුවාල උනා. තුවාල සනීප වෙනකල් අවුරුද්දක් විතර ඉස්පිරිතාලෙ උන්න. මට දරු...

අපි මිනිස්සු - ගැහැනු පිරිමි සීමා ඉරි අතර සුලුතරය. ("Api Minissu" - Sociological review on Third Gender) First Printing - 2017, Ashirwada Publishers, 251 pages

Image
හඬන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා.. ඇත්තමයි නුඹ අහසක් - වගේමයි හිතුණා..  ලාංකේය සමාජය තුළ ගැහැනුන් පිරිමින්ට පෙම් කරන අයුරු අනේක වරක් නොබලාම පෙනේ. ලාංකේය සමාජය තුළ සංක්‍රාන්ති සමාජභාවීය ගැහැනියක පිරිමියෙකුට පෙම් කරන අයුරු නොබලා තබා බලාවත් නොපෙනෙන තරම් ය. කායික, මානසික සහ සමාජයීය ගැහැනියකට වඩා සංක්‍රාන්තික ගැහැනියක පොළොව මත නොපවතින පරමාදර්ශීය ආසියාතික ගැහැනු ප්‍රේමයට ඉතා සමීප වීමට දැඩිව තැත් කරන්නියකි. සංක්‍රාන්ති ස්ත්‍රියකට සාපේක්ෂව කායික ස්ත්‍රියකට ස්ත්‍රියක වීමේ අභියෝගය නොපවතින බැවින් ඔවුන් බොහෝ සංක්‍රාන්තික ගැහැනුන් පමණට පරමාදර්ශී යැයි සැලකෙන ගැහැනු ආදර මාදිලිය දිශාවට ළඟා නොවන තරම් ය.  ස්ත්‍රී පුරුෂ සමාජභාව අනන්‍යතාවයේ සහ ලිංගික දිශානතියේ සුළුතරය තුළ සිටින බහුතරය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ය. එසේත් නැතහොත් ලිංගික ස්වරූපයේ විවිධත්වය (එම ලිංගික ස්වරූපය කායික, මානසික හෝ සමාජයීය වශයෙන් විය හැක.) තුළ සිටින බහුතරය සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් ය. ඔවුහු එඩිතර ලෙස තම ලිංගයට අදාළ සමාජභාවය ප්‍රතික්ෂේප කරති. ඔවුහු නිර්මාණශීලී ලෙස තම ලිංගයට ප්‍රතිවිරුද්ධ ලිංගයේ සමාජභාවයට අ...