බක් මස සංහාර සැමරුම ! අයියන්කෝවිලඩි සහ පට්ටිත්තඩල් සමූහඝාතන ස්මරණය...
මෙම බක් මසට, ශ්‍රී ලංකා හමුදාව විසින් පුදුකුඩිඉරිප්පු අයියන්කෝවිලඩි සමූහඝාතනය සිදුකොට වසර 38 ක් ද පට්ටිත්තඩල් සමූහඝාතනය සිදු කොට වසර 36 ක් ද ගත වී ඇත. ඉතිහාසයක් පුරා දිවයින තුළ සෑම මසකම සිදු කළ රාජ්‍ය අපරාධයන් අතර බක් මස අපරාධයන් ද තවත් එක් ඛේදවාචකයක් පමණක් වන අතර මාසයක් නිසා වූ සුවිශේෂත්වයක් නොමැති වුව ද, ධනවාදී සමාජ ආරථික ක්‍රමයේ වුවමනාවන් සපුරාලමින් සිංහල සමාජය ආයාසයෙන් කැඳවනා අවුරුදු අසිරිය තුළ දකුණේ සිදු කළ රාජ්‍ය මරදනයන් සේ ම උතුරු නැගෙනහිර දෙමළ විරෝධී රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ද සිහිපත් කිරීමට නිදසුන් දැක්වීම අරබයා පුදුකුඩිඉරිප්පු අයියන්කෝවිලඩි සමූහඝාතනය සහ පට්ටිත්තඩල් සමූහඝාතනය තෝරාගන්නා ලද අතර, එම සංහාරයන් ද සිංහල සමාජය විසින් හැරී නොබලන ලද්දා වූ, නිරායුද දෙමළ වැසියන් සමූහඝාතනය කළ ඛේදවාචකයන් රාශියක් අතරින් තවත් සිදුවීම් දෙකක් පමණක් වන අතර, බොහෝ දෙනාගේ පමා වූ අවධානය පිණිස අපි ඒවා මෙලෙස සටහන්කොට තබමු. පුදුකුඩිඉරිප්පු අයියන්කෝවිලඩි සමූහඝාතනය - 1985 අප්‍රේල් 21 මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය මුලතිව් නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටා ඇත. 1985.0...