Posts

නවාලි මතක - මොරීන් අර්නස්ට්

Image
  ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නවාලි වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 2020 ජූලි 9 වන දිනට වසර 25ක් සපිරේ. මම මොරීන් අර්නස්ට්. මේ, එදින පිළිබඳ මගේ මතකයත්, එයින් පසු සිදුවූ දේ මා ඇසින් දුටු ආකාරයත්, එතැන් පටන් මගේ ගමනත් ගැන සටහනකි. නවාලි යනු ශ්‍රී ලංකාවේ යාපන නගරයේ සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටි මගේ ගමයි. එය වෙල් යායකින් වට වී ඇත. නවාලි ගම්මානයෙන් බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් බිහි වී ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙක් නවාලියූර් සෝමසුන්දර පුලවර් ය. ඔහු ජනප්‍රිය කවියෙකු සහ දෙමළ විද්වතෙක් වූ අතර, 1953 දී ඔහු මිය යන තෙක් ම ඔහුගේ ජීවිත කාලය තුළ, ඊළම (ශ්‍රී ලංකාව සඳහා දේශීය දෙමළ නම) තුළ ඉතා ඉහළ පිළිගැනීමක් ලැබීය. ළමයින් සඳහා වූ ඔහුගේ කවි සමකාලීන දෙමළ සාහිත්‍යය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇත. ඉඩිකුණ්ඩු නමින් හැඳින්වන ප්‍රසිද්ධ ස්වාභාවික ජල ළිඳක් නවාලි ග්‍රාමයේ ඇති අතර එහි අර්ථය ගිගුරුම් ළිඳ යන්නයි. පුරාවෘත්ත පවසන්නේ එය විසි වන සියවසේ මුල් භාගයේ දී අකුණු සැර වැදීමකින් නිර්මාණය වූ බවයි. තවද ඇතැමුන් අනුමාන කරන්නේ එය ග්‍රාහකයක් ගැටීමෙන් බිහිවූවක් විය හැකි බවයි. මෙම ළිඳ බොහෝ ගැඹුරු වන අතර එම ගැඹුර ක...

දීපචෙල්වන්ගේ 'ස්මාරක ශිලාවත' (නඩුගල්)

Image
  මධුර මනෝහර පොළොවක සියල්ලන් සුඛිත මුදිතව සිටිනා කලෙක අපට සාහිත්‍යයෙන් වළාකුළු මත පාව යා හැක. එතෙක්, වධ වේදනා විඳ මියෙන මිනිසුන් ද සතුන් ද ගහකොළ ද වෙනුවෙන් නොනවතින අරගලයක අවශ්‍යතාව මහපොළොව මත තව තවත් ප්‍රබලව ශේෂව ඇත. සිංහල ප්‍රබන්ධ දෙමළට පරිවර්තනය වීමේ කාර්යභාරය මේ මොහොතේ මේ දූපත මත ඇති සැබෑ දේශපාලනික වුවමනාවක් නොවීම සත්‍යය යි. සිංහල සමාජයට තවමත් දෙමළ අරගලකරුවා ත්‍රස්තවාදියෙකු වීමේ සැබෑව ද සන්නද්ධ දෙමළ ජාතික අරගලයේ ‌අභිලාෂයන්ගේ යුක්තිසහගත බව පිළිගැනීම තබා අවම වශයෙන් පූර්ණ බලතල සහිත ෆෙඩරල් ක්‍රමයක අවශ්‍යතාවය සම්බන්ධ වචන මාත්‍රයකුදු නොදොඩා උතුරු දකුණු ඊනියා සමගිය ගැන ම දොඩන සිංහල සමාජයේ ඒකීය රාජ්‍ය ලෝලීත්වය ද හඳුනාගැනීමට නම් අතැම් සිංහලෙන් දෙමළට සිදු කරන පරිවර්තන උපකාරී වනු ඇත.  එහෙත් දෙමළ සමාජය සම්බන්ධ සියුම් දේශපාලනික නිරවද්‍යතාවන් පැහැදිලිව හඳුනාගැනීමට තරම් සිංහල පාඨක සමාජය මෝරා නැති බැවින්, සිංහල සමාජයට කැඳවන දෙමළ නිර්මාණ පිළිබඳව අප ප්‍රවේසම් විය යුතුව ඇත. මන්ද මේ මොහොතට අත්‍යවශ්‍ය වූ නිශ්චිත නිවැරදි දේශපාලනික අරමුණු උදෙසා සහයෝගී නිර්මාණ තේරීමේ වගකීම නොසලකා සිටිය නොහැක්කා වූ...

වඩ්ඩක්කන්ඩල් සමූහ ඝාතනය

Image
  1950 දශකයේ පටන් ශ්‍රී ලංකා රාජ්‍යය තුළ සිදු කළ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයන්ට රාජ්‍ය ආරක්ෂක අංශ දැක්වූ දායකත්වය සේ ම, 1970 දශකයේ සිට 2009 වර්ෂය දක්වා වසර 35 ක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා හමුදාව, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු රාජ්‍ය ආරක්ෂ අංශවල සෘජු මැදිහත් වීමෙන් නිරායුධ දෙමළ සිවිල් වැසියන් අමානුෂික ලෙස සමූහ ඝාතනය කිරීමේ ඉතිහාසය, 'ශ්‍රී ලංකාවේ යුද්ධය සහ රණවිරුවන්' පිළිබඳ දකුණේ ප්‍රබන්ධය බිඳ දමමින් සිංහල සමාජයට සිංහල බසින් තව තවත් නිරාවරණය කළ යුතුව ඇති අතර, ඉන්දීය සාම සාධක හමුදාව විසින් සිදු කළ සමූහ ඝාතනයන් පහළොවක් පමණ වූ සංඛ්‍යාව ද ඇතුළුව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් නිරායුධ දෙමළ සිවිල් වැසියන් සමූහ ඝාතනය කිරීමේ සිදුවීම් 200 කට ආසන්න සංඛ්‍යාවක් විශ්වසනීය සාක්ෂි සහිතව උතුරු නැගෙනහිරින් වාර්තා වී ඇති බව සිහිපත් කර සිටිමු. වඩ්ඩක්කන්ඩල් සමූහ ඝාතනය යනු ඒ අතරින් එකක් පමණි. වඩ්ඩක්කන්ඩල් විද්‍යාලයේ දී මෙම ඛේදවාචකය අද දක්වා අනුස්මරණය කරනු ලබන අතර, දෙමළ වීම නිසා සිදු කළ සමූහ ඝාතනයන් පිළිබඳ සාමූහික මතකයන් තුළ තවමත් ජීවත් වන දෙමළ ජනතාව සිදු කරන තම ආදරණීයයන්ගේ අනුස්මරණයන්හි දේශපාලනික අ...

1985 තෛපොංගල් ඛේදවාචකය ආවර්ජනය

Image
  දකුණ විටින් විට ශ්‍රී ලංකාවේ 'රජයන්ට' එරෙහිව විරෝධතා දක්වමින් සිටියි. උතුර දිගින් දිගට ශ්‍රී ලංකා 'රාජ්‍යයට' එරෙහිව අරගල කරමින් සිටියි. පසුගිය දා නිර්ලජ්ජී ලෙස යාපනයේදී පවත්වන ලද 'ජාතික' තෛපොංගල් උත්සවයට උතුර එරෙහි වීම, දකුණ මෙන් පවතින රජයට දැක්වූ පටු විරෝධයක් නොවන බව ද, ඔවුන් සෑම විටම අරගල කරනු ලබන්නේ සිංහල අධිපතිවාදී රාජ්‍ය පීඩනයට එරෙහිව බව ද, දකුණ අවබෝධ කරගත යුතුව ඇත. මෙවර තෛපොංගල් උත්සව  දිනයේ දී ද රාජ්‍ය ආරක්ෂක අංශ විසින් දෙමළ ජනතාවට පහර දෙද්දී, මීට වසර 38 කට පෙර සිදු වූ තෛපොංගල් දින ඛේදවාචකයක්  අපි ආවර්ජනය කර සිටිමු. මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් - වවුනියාව මාර්ගයේ පිහිටා ඇති මුල්ලියාවලෙයි ගම්මානය සාරවත් භූමියක් සහිත පුරාණ දෙමළ ගම්මානයක් වූ අතර එහි පැරණි ජන සංස්කෘතික ලක්ෂණ කාලයක් තිස්සේ සුරැකී පැවතුණි. 1985.01.16 වෙනිදා තෛපොංගල් දිනට පසු දිනය වූ අතර එදින උත්සව දිනයක් විය. තෛපොංගල් යනු සූර්යයාට ස්තුතිය පුද කිරීමේ උත්සවයක් වන අතර ඊට පසු දින දී ගොවි ජන ජීවිතයට උපකාරී වන ගොවිපල සතුන්ට ගෞරව කිරීම සිදු කරනු ලබයි. එදින අලුයම 4ට ශ්‍රී ලංකා හමුදාව විසින් මුල්ලිය...

සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලන ඛේදවාචකය

Image
 සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලන ඛේදවාචකයට 49 වසරක් ගතවීම නිමිත්තෙනි 1974 ජනවාරි 3 වෙනි දින සිට සතියක් පුරා පැවති සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනය වන 1974 ජනවාරි 10 වන දින ශ්‍රී ලංකා පොලිසිය විසින් සම්මේලනයට පහර දීමේ ඛේදවාචකය සිහිපත් කිරීම සඳහා යාපනය වීරසිංහම් ශාලාව අසළ ඉදිකර තිබෙන ස්මාරකය අබියස, එම ප්‍රහාරයෙන් ඝාතනය කරන ලද දෙමළ ජනතාව වසරක් පාසා අනුස්මරණය කරනු ලබයි. ශ්‍රී ලංකා වර්ගතාන්ත්‍රික රාජ්‍යය විසින් සිදු කරන ලද දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයන් සිංහල සමාජය විසින් යළි යළි ආවර්ජනය කරමින් විරෝධය දැක්වීමේ අවශ්‍යතාව වනාහි, අවසන් නොවූ දෙමළ ජාතික අරගලයේ යුක්තිසහගත දේශපාලන අභිලාෂයන් අවම වශයෙන් හෝ ඉටුවන තෙක් අහෝසි නොවන්නකි. ඉන්මතු ද එකී මතකයන් සිංහල සමාජයේ අනාගත පරම්පරාවන්ට පවරා දිය යුතුව ඇත්තේ ස්වයං නීර්ණ අයිතිය සඳහා වූ දෙමළ ජාතික අරගලය යුක්තිසහගත බව සම්ප්‍රේෂණය කළයුතු බැවිනි.  සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනය යාපනයේ පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කළ ද, සම්මේලනය යාපනයේ පැවැත්වීම සම්බන්ධව විරෝධය පෑ සිරිමා බණ්ඩාරනායක රජය විසින් එය කොළඹ පවත්...

මන්නාරම් සංහාරය - 1984 දෙසැම්බර් 4

Image
  1984.12.04 දින ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ තරුණයකු අත්අඩංගුවට ගෙන ඉසෛමාලෛතිව් සිට යුද හමුදා කඳවුරට රැගෙන යමින් සිටි හමුදා රථය බිම් බෝම්බයකට හසු විය. එම රථය සමඟ තවත් හමුදා රථ දෙකක් බිම් බෝම්බ පිපිරුමට ගොදුරු වූ අතර එක් සෙබළෙකු මිය ගොස් සෙබළු එකොළොස් දෙනෙකු තුවාල ලැබී ය. මෙම සිදුවීමට ශ්‍රී ලංකා හමුදාව විසින් දැක්වූ ප්‍රතික්‍රියාව වන්නේ එදිනම, එනම් 1984 දෙසැම්බර් 4 වන දින ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන් විසින් මන්නාරම් ප්‍රදේශයේ නිරායුධ දෙමළ සිවිල් වැසියන් 200 කට අධික සංඛ්‍යාවක් සමූහ ඝාතනය කිරීම යි. තල්අඩි හමුදා කඳවුරේ සිට සිවිල් වැසියන් සිටින ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලංකා හමුදාව මෙම සංහාරය අරඹන ලදී.  North-East Secretariat On Human Rights විසින් ප්‍රකාශිත Massacres of Tamils 1956 - 2008 කෘතියට අනුව,  හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් 15 දෙනෙකු මන්නාරමේ දී පණපිටින් පුළුස්සා දමන ලදී. ඉන්පසු හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගයේ ගමන් ගත් සිවිල් වැසියන් 30 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන පණපිටින් පුළුස්සා දමන ලදී. නගරයේ මිනිසුන් බලා සිටිය දී මිනිසුන් 45 දෙනෙකු දු...

1984 දෙසැම්බර් සංහාර

Image
  සිංහල ජනපදකරණයේ දෙමළ සමූහ ඝාතන සිහිපත් කිරීම  ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාපෘතියක් වූ උතුරේ සිංහල ජනපදකරණය පිණිස, දෙමළ ජනතාව ඔවුන්ගේ පාරම්පරික ගම්බිම්වලින් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් මුලතිව් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල සිදු කළ සමූහ ඝාතන මාලාවක් 1984 දෙසැම්බර් මස මුල් සති දෙක තුළ ක්‍රියාත්මක කරන ලදී. 1984 දෙසැම්බර් 1 සිට 1984 දෙසැම්බර් 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා හමුදාව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කළ සමූලඝාතන, දේපළ විනාශ කිරීම්, වධ හිංසා පැමිණවීම් සහ ස්ත්‍රී දූෂණ හරහා දෙමළ ජනතාව පදිංචිව සිටි භූමීන්ගෙන් බලහත්කාරයෙන් ඉවත්කිරීම් සිදු කරන ලදී. 1980 දශකය පුරා ම ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමටත්, ඒවායේ සිංහල ජනයා පදිංචි කිරීමටත් බොහෝ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලදී.  මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක, සාම්ප්‍රදායික ගොවිතැනෙහි සහ ධීවර කර්මාන්තයෙහි නිරත ජනතාවක් වාසය කළ පාරම්පරික දෙමළ ගම්මාන ගණනාවකින් සමන්විත විය. එම ප්‍රදේශ දෙමළ ජනයාට අයත් කුඩා හා විශාල ගොවිපළවලින් ද යුක්ත විය. පාරම්පරික දෙමළ ගම්මාන 50 කට ආසන්න ප්...