බීඩි (Novel) "பீடி" (நாவல்) First Printing - 2021 Get link Facebook X Pinterest Email Other Apps October 21, 2021 අපි ජීවත්වෙන්නෙ ඇත්තක නෙමෙයි.අපි ජීවත්වෙන්නෙ ප්රබන්ධයක.We are not living in the truth. We are living in a fiction.நாங்கள் வாழ்வது உண்மைக்குள் அல்ல, புனைவுக்குள். Get link Facebook X Pinterest Email Other Apps Comments
අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය October 11, 2020 “ අපෙන් පස්සෙ මේ කර්මාන්තෙ අඟුල්මඩුවෙන් නැත්තටම නැතිවේවි.” (‘රාවය‘ පුවත්පත - 2017.06.25) “ඉස්සර මේ මුලු ප්‍රදේශයටම කිව්වෙ අඟුල්මඩුව කියල. මේ ගම ඉස්සර අයිති වුණේ මාතර දිසාවට. දැන් හම්බන්තොට දිස්ත්රික්කෙට. දැන්නම් අගුල්මඩුව කොටස්වලට බෙදිලා. අපි පොඩි කාලෙ මෙහෙට කිව්වෙ පහළ බෙලිගල්ල කියල. පහළ බෙලිගල්ලෙ කොස්ගහගොඩ ගම ඇරුණාම ඉතුරු අපි හැමෝම පාරම්පරික රන්, රිදී, පිත්තල, ලාක්ෂා, යකඩ ශිල්පී පවුල්වල අය. හැමෝම ඒ හැමදේම කළා. දැන් පහළ බෙලිගල්ල කොටස්වලට බෙදලා. අගුල්මඩුව, බෙලිගල්ල උතුර, බෙලිගල්ල දකුණ, වාඩිය කියලා. මම ඉන්නෙ බෙලිගල්ල උතුරෙ. මේ ඔක්කොටම තමා ඉස්සර අඟුල්මඩුව කිව්වෙ. ලංකාවෙ ඉස්සෙල්ලම ලාක්ෂා කර්මාන්තෙ පටන් අරන් තියෙන්නෙ අගුල්මඩුවෙන්.” ඇය, වඩුමේත්රීගේ දනෝරිස්හාමිගේත් ලෝකුරුගේ කිරිහාමිගේත් දියණිය වූ වඩුමේත්රීගේ ලීලාවතීගේ දියණිය වන දේවසුරේන්ද්‍ර රතුගේ චිත්‍රා ය. ඇගේ පියා පාරම්පරික ලෝහ භාණ්ඩ ශිල්පියකු වන දේවසුරේන්ද්‍ර රතුගේ නිකුලස්හාමි ය. පනස් හය හැවිරිදි දේවසුරේන්ද්‍ර රතුගේ චිත්‍රා පාරම්පරික ලාක්ෂා ශිල්පිනියක වූය... Read more
බීඩි ඔතන ළදුන් October 11, 2020 කහට පාට ඇඟිලි තුඩු (‘රාවය‘ පුවත්පත - 2017.05.14) “බීඩි දාහක් එතුවහම රුපියල් පන්සීයක් හම්බ වෙනව. ගෙදර ගෙනැල්ලයි කවුරුත් ඔතන්නෙ. කොම්පැනිය ඇතුළෙ ඔතන්නෙ නෑ. ලේබල් ගහන්නෙත් ගෙවල්වල. කොම්පැනිය ඇතුළෙ කරන්නෙ බන්ඩල් ගහන එක. කොම්පැනියට කිට්ටු දිහාස්වල එක ළඟ ළඟ ඔතන ගෙවල් තියෙන ගම්වලට කොම්පැණියෙන් බීඩි කොළයි දුංකොළයි නූලුයි ගිහින් දෙනව. මං කොම්පැනියට ගිහින් අරන් එන්නෙ. ඒ නිසා මට මගටත් වියදම්. දවසට කොහොමහරි දාහකට කිට්ටු වෙන්න ඔතාගන්නව. බීඩි කොළ කපාගන්නත් වෙලාවක් යනව. කපල තෙමල තෙත ඇරලයි ඔතන්නෙ. ඔතපු බීඩියෙ මූණ රතු වෙනකල් වේලන්නත් ඕනෙ. බීඩි විස්සෙ මිටි නූලෙන් බැඳල අපි ගෙනියනව. බීඩි හාරසීයෙ බන්ඩලේ කොම්පැනියෙන් කඬේට දාන්නෙ දෙදාහට. බීඩියක් රුපියල් පහයි. ඔතනවට අපිට බීඩියට සත පනහයි හම්බවෙන්නෙ. ලොක්කො කොම්පැනියට ඇවිත් බහින්නෙ පෙජරෝවලින්. එයාලට තව බිස්නස් ජාති තියෙනව. අපේ එක්කෙනා කළේ ගස් යන එක. පොල් ගහකට ඒ දවස්වලත් රුපියල් හැටක් ගත්ත. පිංකමකට තැඹිලි වල්ලක් බාල දෙන්න ගිහිං එයා ගහකින් වැටුණ. කකුල් දෙකම කැඩුණ. කකුලෙ ඇට මතු වෙන්න තුවාල උනා. තුවාල සනීප වෙනකල් අවුරුද්දක් විතර ඉස්පිරිතාලෙ උන්න. මට දරු... Read more
මන්දිර සරසන සේසත් කලාව October 11, 2020 මන්දිර සරසන සේසත් කලාව (රාවය - 04.06.2017) “පිළිමතලාව, නුවර, කොළඹ කඩවලට සේසත් දාන්නෙ. නුවරින් සේසත් ගන්නෙ අඩු ගානට. දළදාමාලිගාවට දෙන්න වෙන්නෙ ගොඩක්ම අඩු මිලට. කොළඹ ගෙනියන එකයි ලාබ. ගෙවල්වලට පන්සල්වලට හෝටල්වලට උත්සවවලට පෙරහැරවල්වලට ලොකු කාර්යාලවලට හෙම ගන්නව, අපි කඩවලට දාන බඩු. පහුගිය කාලෙ චෝගම්වලට සෑහෙන්න වික්ක. චෝගම් එකෙන් ඉල්ලපු ගාන දෙන්නත් බැරි උනා උණවේරුවෙ අපි හැමෝම හදලත්. ඒකෙදි අපේම අය අපිටම වංචා කළා. අතරමැදියො වෙච්ච අපි එක්කම සේසත් හදන අය අපෙන් අඩු ගාන්ට අරන් වැඩි ගානට දීලා. අපි අපිටවත් ආරෝවක් නැතුව ඉන්න විදියක් නෑ සල්ලි ප්‍රශ්න හන්දා. අපිව රවට්ටන්න ශිල්පසභාවෙන් බොරුවට අපිට සම්මාන දෙනව. සමහර තෑගි තවම ලැබිලා නෑ. ශිල්පසභාව ගසාකනව. ලක්සලත් අපිව හූරන් කනව. ආණ්ඩුව අපේ ශිල්පියන්ව රට යවල ප්‍රදර්ශනය කරල අපිව විකුණගෙන කනව. අපිට ලැබෙන දෙයක් නෑ.” උණවේරුවේ පාරම්පරික සේසත් නිර්මාණ ශිල්පියකු එසේ පැවසීය. එදා සේසත යනු ස්තරගත සමාජයෙහි ඉහළ පැළැන්තියේ පරිභෝජන භාණ්ඩයකි. එදා එම භාණ්ඩයෙහි වූ පරිභෝජන අවශ්‍යතාවය අද අහෝසි වුව ද, එදා සමාජයෙහි වූ ධූරාවලි රටාව අද වෙනස් වුව ද, අද ද සේසත ඉහළ පැළැන්... Read more
Comments
Post a Comment