බීඩි ඔතන ළදුන්
කහට පාට ඇඟිලි තුඩු (‘රාවය‘ පුවත්පත - 2017.05.14) “බීඩි දාහක් එතුවහම රුපියල් පන්සීයක් හම්බ වෙනව. ගෙදර ගෙනැල්ලයි කවුරුත් ඔතන්නෙ. කොම්පැනිය ඇතුළෙ ඔතන්නෙ නෑ. ලේබල් ගහන්නෙත් ගෙවල්වල. කොම්පැනිය ඇතුළෙ කරන්නෙ බන්ඩල් ගහන එක. කොම්පැනියට කිට්ටු දිහාස්වල එක ළඟ ළඟ ඔතන ගෙවල් තියෙන ගම්වලට කොම්පැණියෙන් බීඩි කොළයි දුංකොළයි නූලුයි ගිහින් දෙනව. මං කොම්පැනියට ගිහින් අරන් එන්නෙ. ඒ නිසා මට මගටත් වියදම්. දවසට කොහොමහරි දාහකට කිට්ටු වෙන්න ඔතාගන්නව. බීඩි කොළ කපාගන්නත් වෙලාවක් යනව. කපල තෙමල තෙත ඇරලයි ඔතන්නෙ. ඔතපු බීඩියෙ මූණ රතු වෙනකල් වේලන්නත් ඕනෙ. බීඩි විස්සෙ මිටි නූලෙන් බැඳල අපි ගෙනියනව. බීඩි හාරසීයෙ බන්ඩලේ කොම්පැනියෙන් කඬේට දාන්නෙ දෙදාහට. බීඩියක් රුපියල් පහයි. ඔතනවට අපිට බීඩියට සත පනහයි හම්බවෙන්නෙ. ලොක්කො කොම්පැනියට ඇවිත් බහින්නෙ පෙජරෝවලින්. එයාලට තව බිස්නස් ජාති තියෙනව. අපේ එක්කෙනා කළේ ගස් යන එක. පොල් ගහකට ඒ දවස්වලත් රුපියල් හැටක් ගත්ත. පිංකමකට තැඹිලි වල්ලක් බාල දෙන්න ගිහිං එයා ගහකින් වැටුණ. කකුල් දෙකම කැඩුණ. කකුලෙ ඇට මතු වෙන්න තුවාල උනා. තුවාල සනීප වෙනකල් අවුරුද්දක් විතර ඉස්පිරිතාලෙ උන්න. මට දරු...


































Comments
Post a Comment