අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය
“ අපෙන් පස්සෙ මේ කර්මාන්තෙ අඟුල්මඩුවෙන් නැත්තටම නැතිවේවි.” (‘රාවය‘ පුවත්පත - 2017.06.25) “ඉස්සර මේ මුලු ප්‍රදේශයටම කිව්වෙ අඟුල්මඩුව කියල. මේ ගම ඉස්සර අයිති වුණේ මාතර දිසාවට. දැන් හම්බන්තොට දිස්ත්රික්කෙට. දැන්නම් අගුල්මඩුව කොටස්වලට බෙදිලා. අපි පොඩි කාලෙ මෙහෙට කිව්වෙ පහළ බෙලිගල්ල කියල. පහළ බෙලිගල්ලෙ කොස්ගහගොඩ ගම ඇරුණාම ඉතුරු අපි හැමෝම පාරම්පරික රන්, රිදී, පිත්තල, ලාක්ෂා, යකඩ ශිල්පී පවුල්වල අය. හැමෝම ඒ හැමදේම කළා. දැන් පහළ බෙලිගල්ල කොටස්වලට බෙදලා. අගුල්මඩුව, බෙලිගල්ල උතුර, බෙලිගල්ල දකුණ, වාඩිය කියලා. මම ඉන්නෙ බෙලිගල්ල උතුරෙ. මේ ඔක්කොටම තමා ඉස්සර අඟුල්මඩුව කිව්වෙ. ලංකාවෙ ඉස්සෙල්ලම ලාක්ෂා කර්මාන්තෙ පටන් අරන් තියෙන්නෙ අගුල්මඩුවෙන්.” ඇය, වඩුමේත්රීගේ දනෝරිස්හාමිගේත් ලෝකුරුගේ කිරිහාමිගේත් දියණිය වූ වඩුමේත්රීගේ ලීලාවතීගේ දියණිය වන දේවසුරේන්ද්‍ර රතුගේ චිත්‍රා ය. ඇගේ පියා පාරම්පරික ලෝහ භාණ්ඩ ශිල්පියකු වන දේවසුරේන්ද්‍ර රතුගේ නිකුලස්හාමි ය. පනස් හය හැවිරිදි දේවසුරේන්ද්‍ර රතුගේ චිත්‍රා පාරම්පරික ලාක්ෂා ශිල්පිනියක වූය...
good job
ReplyDelete