Posts

Showing posts from March, 2023

නවාලි මතක - මොරීන් අර්නස්ට්

Image
  ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නවාලි වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 2020 ජූලි 9 වන දිනට වසර 25ක් සපිරේ. මම මොරීන් අර්නස්ට්. මේ, එදින පිළිබඳ මගේ මතකයත්, එයින් පසු සිදුවූ දේ මා ඇසින් දුටු ආකාරයත්, එතැන් පටන් මගේ ගමනත් ගැන සටහනකි. නවාලි යනු ශ්‍රී ලංකාවේ යාපන නගරයේ සිට කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටි මගේ ගමයි. එය වෙල් යායකින් වට වී ඇත. නවාලි ගම්මානයෙන් බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් බිහි වී ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙක් නවාලියූර් සෝමසුන්දර පුලවර් ය. ඔහු ජනප්‍රිය කවියෙකු සහ දෙමළ විද්වතෙක් වූ අතර, 1953 දී ඔහු මිය යන තෙක් ම ඔහුගේ ජීවිත කාලය තුළ, ඊළම (ශ්‍රී ලංකාව සඳහා දේශීය දෙමළ නම) තුළ ඉතා ඉහළ පිළිගැනීමක් ලැබීය. ළමයින් සඳහා වූ ඔහුගේ කවි සමකාලීන දෙමළ සාහිත්‍යය සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇත. ඉඩිකුණ්ඩු නමින් හැඳින්වන ප්‍රසිද්ධ ස්වාභාවික ජල ළිඳක් නවාලි ග්‍රාමයේ ඇති අතර එහි අර්ථය ගිගුරුම් ළිඳ යන්නයි. පුරාවෘත්ත පවසන්නේ එය විසි වන සියවසේ මුල් භාගයේ දී අකුණු සැර වැදීමකින් නිර්මාණය වූ බවයි. තවද ඇතැමුන් අනුමාන කරන්නේ එය ග්‍රාහකයක් ගැටීමෙන් බිහිවූවක් විය හැකි බවයි. මෙම ළිඳ බොහෝ ගැඹුරු වන අතර එම ගැඹුර කොතරම