Posts

Showing posts from January, 2023

වඩ්ඩක්කන්ඩල් සමූහ ඝාතනය

Image
  1950 දශකයේ පටන් ශ්‍රී ලංකා රාජ්‍යය තුළ සිදු කළ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයන්ට රාජ්‍ය ආරක්ෂක අංශ දැක්වූ දායකත්වය සේ ම, 1970 දශකයේ සිට 2009 වර්ෂය දක්වා වසර 35 ක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා හමුදාව, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ඇතුළු රාජ්‍ය ආරක්ෂ අංශවල සෘජු මැදිහත් වීමෙන් නිරායුධ දෙමළ සිවිල් වැසියන් අමානුෂික ලෙස සමූහ ඝාතනය කිරීමේ ඉතිහාසය, 'ශ්‍රී ලංකාවේ යුද්ධය සහ රණවිරුවන්' පිළිබඳ දකුණේ ප්‍රබන්ධය බිඳ දමමින් සිංහල සමාජයට සිංහල බසින් තව තවත් නිරාවරණය කළ යුතුව ඇති අතර, ඉන්දීය සාම සාධක හමුදාව විසින් සිදු කළ සමූහ ඝාතනයන් පහළොවක් පමණ වූ සංඛ්‍යාව ද ඇතුළුව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් නිරායුධ දෙමළ සිවිල් වැසියන් සමූහ ඝාතනය කිරීමේ සිදුවීම් 200 කට ආසන්න සංඛ්‍යාවක් විශ්වසනීය සාක්ෂි සහිතව උතුරු නැගෙනහිරින් වාර්තා වී ඇති බව සිහිපත් කර සිටිමු. වඩ්ඩක්කන්ඩල් සමූහ ඝාතනය යනු ඒ අතරින් එකක් පමණි. වඩ්ඩක්කන්ඩල් විද්‍යාලයේ දී මෙම ඛේදවාචකය අද දක්වා අනුස්මරණය කරනු ලබන අතර, දෙමළ වීම නිසා සිදු කළ සමූහ ඝාතනයන් පිළිබඳ සාමූහික මතකයන් තුළ තවමත් ජීවත් වන දෙමළ ජනතාව සිදු කරන තම ආදරණීයයන්ගේ අනුස්මරණයන්හි දේශපාලනික අර

1985 තෛපොංගල් ඛේදවාචකය ආවර්ජනය

Image
  දකුණ විටින් විට ශ්‍රී ලංකාවේ 'රජයන්ට' එරෙහිව විරෝධතා දක්වමින් සිටියි. උතුර දිගින් දිගට ශ්‍රී ලංකා 'රාජ්‍යයට' එරෙහිව අරගල කරමින් සිටියි. පසුගිය දා නිර්ලජ්ජී ලෙස යාපනයේදී පවත්වන ලද 'ජාතික' තෛපොංගල් උත්සවයට උතුර එරෙහි වීම, දකුණ මෙන් පවතින රජයට දැක්වූ පටු විරෝධයක් නොවන බව ද, ඔවුන් සෑම විටම අරගල කරනු ලබන්නේ සිංහල අධිපතිවාදී රාජ්‍ය පීඩනයට එරෙහිව බව ද, දකුණ අවබෝධ කරගත යුතුව ඇත. මෙවර තෛපොංගල් උත්සව  දිනයේ දී ද රාජ්‍ය ආරක්ෂක අංශ විසින් දෙමළ ජනතාවට පහර දෙද්දී, මීට වසර 38 කට පෙර සිදු වූ තෛපොංගල් දින ඛේදවාචකයක්  අපි ආවර්ජනය කර සිටිමු. මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් - වවුනියාව මාර්ගයේ පිහිටා ඇති මුල්ලියාවලෙයි ගම්මානය සාරවත් භූමියක් සහිත පුරාණ දෙමළ ගම්මානයක් වූ අතර එහි පැරණි ජන සංස්කෘතික ලක්ෂණ කාලයක් තිස්සේ සුරැකී පැවතුණි. 1985.01.16 වෙනිදා තෛපොංගල් දිනට පසු දිනය වූ අතර එදින උත්සව දිනයක් විය. තෛපොංගල් යනු සූර්යයාට ස්තුතිය පුද කිරීමේ උත්සවයක් වන අතර ඊට පසු දින දී ගොවි ජන ජීවිතයට උපකාරී වන ගොවිපල සතුන්ට ගෞරව කිරීම සිදු කරනු ලබයි. එදින අලුයම 4ට ශ්‍රී ලංකා හමුදාව විසින් මුල්ලිය

සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලන ඛේදවාචකය

Image
 සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලන ඛේදවාචකයට 49 වසරක් ගතවීම නිමිත්තෙනි 1974 ජනවාරි 3 වෙනි දින සිට සතියක් පුරා පැවති සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනය වන 1974 ජනවාරි 10 වන දින ශ්‍රී ලංකා පොලිසිය විසින් සම්මේලනයට පහර දීමේ ඛේදවාචකය සිහිපත් කිරීම සඳහා යාපනය වීරසිංහම් ශාලාව අසළ ඉදිකර තිබෙන ස්මාරකය අබියස, එම ප්‍රහාරයෙන් ඝාතනය කරන ලද දෙමළ ජනතාව වසරක් පාසා අනුස්මරණය කරනු ලබයි. ශ්‍රී ලංකා වර්ගතාන්ත්‍රික රාජ්‍යය විසින් සිදු කරන ලද දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයන් සිංහල සමාජය විසින් යළි යළි ආවර්ජනය කරමින් විරෝධය දැක්වීමේ අවශ්‍යතාව වනාහි, අවසන් නොවූ දෙමළ ජාතික අරගලයේ යුක්තිසහගත දේශපාලන අභිලාෂයන් අවම වශයෙන් හෝ ඉටුවන තෙක් අහෝසි නොවන්නකි. ඉන්මතු ද එකී මතකයන් සිංහල සමාජයේ අනාගත පරම්පරාවන්ට පවරා දිය යුතුව ඇත්තේ ස්වයං නීර්ණ අයිතිය සඳහා වූ දෙමළ ජාතික අරගලය යුක්තිසහගත බව සම්ප්‍රේෂණය කළයුතු බැවිනි.  සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනය යාපනයේ පැවැත්වීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කළ ද, සම්මේලනය යාපනයේ පැවැත්වීම සම්බන්ධව විරෝධය පෑ සිරිමා බණ්ඩාරනායක රජය විසින් එය කොළඹ පවත්වන ලෙස සං