Posts

Showing posts from December, 2022

මන්නාරම් සංහාරය - 1984 දෙසැම්බර් 4

Image
  1984.12.04 දින ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ තරුණයකු අත්අඩංගුවට ගෙන ඉසෛමාලෛතිව් සිට යුද හමුදා කඳවුරට රැගෙන යමින් සිටි හමුදා රථය බිම් බෝම්බයකට හසු විය. එම රථය සමඟ තවත් හමුදා රථ දෙකක් බිම් බෝම්බ පිපිරුමට ගොදුරු වූ අතර එක් සෙබළෙකු මිය ගොස් සෙබළු එකොළොස් දෙනෙකු තුවාල ලැබී ය. මෙම සිදුවීමට ශ්‍රී ලංකා හමුදාව විසින් දැක්වූ ප්‍රතික්‍රියාව වන්නේ එදිනම, එනම් 1984 දෙසැම්බර් 4 වන දින ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන් විසින් මන්නාරම් ප්‍රදේශයේ නිරායුධ දෙමළ සිවිල් වැසියන් 200 කට අධික සංඛ්‍යාවක් සමූහ ඝාතනය කිරීම යි. තල්අඩි හමුදා කඳවුරේ සිට සිවිල් වැසියන් සිටින ප්‍රදේශයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් ශ්‍රී ලංකා හමුදාව මෙම සංහාරය අරඹන ලදී.  North-East Secretariat On Human Rights විසින් ප්‍රකාශිත Massacres of Tamils 1956 - 2008 කෘතියට අනුව,  හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් 15 දෙනෙකු මන්නාරමේ දී පණපිටින් පුළුස්සා දමන ලදී. ඉන්පසු හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගයේ ගමන් ගත් සිවිල් වැසියන් 30 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන පණපිටින් පුළුස්සා දමන ලදී. නගරයේ මිනිසුන් බලා සිටිය දී මිනිසුන් 45 දෙනෙකු දුමාරය නංවමින් ම