Posts

Showing posts from September, 2022

සත්තුරුකොන්ඩාන් සංහාරය

Image
සත්තුරුකොන්ඩාන් සමූල ඝාතනයේ  32 වන අනුස්මරණය මෙම වසරෙහි මෙම මාසයේ දී, එනම්  2022.09.09 දින මඩකලපුවේ දී සිදුකෙරිණී.  සත්තුරුකොන්ඩාන් සමූලඝාතනය යනු 1990 සැප්තැම්බර් 9 වෙනි දින මඩකලපු දිස්ත්‍රික්කයට අයත් සත්තුරුකොන්ඩාන් යුද හමුදා කඳවුර තුළ දී ‌දෙමළ සිවිල් වැසියන් 184 දෙනෙකු අමානුෂික ලෙස ඝාතන කිරීමේ ‌ඛේදවාචකය යි. එම ඝාතනයට ලක්වූවන් මඩකලපුවට ආසන්න ගම්මාන වන  සත්තුරුකොන්ඩාන්, කොකුවිල්, පන්නිඅච්චිඅඩි සහ පිල්ලයාරඩි ගම්වාසීන් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනා සරණාගතයින් ය. ඝාතනට ලක් වූ 184 දෙනා අතර  කාන්තාවන් 85 දෙනෙක්, වයස අවුරුදු 10 ත් 1 ත් අතර දරුවන් 42 ක්, වයස අවුරුද්දට අඩු දරුවන් 5 දෙනෙක්, ගැබිණි කාන්තාවන් 9 දෙනෙක්, වයස අවුරුදු 68 ට වැඩි වැඩිහිටියන් 28 දෙනෙක් සහ නව ‌යෞවනයින් ද ළමයින් ද වැඩිහිටියන් ද වූ බව සඳහන් වේ. මෙම සමූල ඝාතනයට ලක් කළ 184 දෙනා  අතරට සත්තුරුකොන්ඩාන් ගම් වැසියන් 38 ක්, කොකුවිල් ගම්සීන් 47 ක්, පන්නිඅච්චිඅඩි ගම් වැසියන් 37 ක් සහ පිල්ලයාරඩි වාසීන් 62 ක් ඇතුළත් ය. 1990 සැප්තැම්බර් 9 වැනි දින පස්වරු 5.30 ට නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු සන්නද්ධ පිරිසක් ප්‍රදේශයට පැමිණ සියලු දෙනාටම

දකුණ විසින් PTA ප්‍රතික්ෂේප කිරීමේ පදනම, උතුර විසින් ප්‍රශ්නකිරීම

Image
දකුණේ ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ සිංහල සහෝදරයන් තිදෙනෙකු ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව දකුණේ සුලුතරයක් විසින් හඬනැඟීම ආරම්භ කරන ලදී. ඔවුන් අතරින් ද සාතිශය බහුතරය, රඳවාතබා ගැනීමට ලක්වූවන් නියෝජනය කරනු ලබන කණ්ඩායම්හි ක්‍රියාධරයින් ය.  ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සිංහල සහෝදරයින්  අතරින් එක් සහෝදරයකු මුදාහරින ලද අතර ඉතිරි සොයුරන් දෙදෙනා වෙනුවෙන් හඬනැගීම ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන කණ්ඩායමෙහි මැදිහත්වීම මත, දකුණේ වත්මන් ජනප්‍රිය අරගල බිම මත  දිගින් දිගට ම  සිදු කරමින් පවතී. දෙමළ සහෝදරයන් කොපමණ නම් පිරිසක්   ත්‍රස්තවාදය  වැළැක්වී මේ   පනත යටතේ පීඩා වින්දේ ද, පීඩා විඳිමින් සිටින්නේ ද මර්දනයට ලක් වූයේ ද ලක්වෙමින් සිටින්නේ ද යන්න දකුණේ අති සුලුතරයක් විසින් සිහිපත් කරනු ලැබුව ද, දකුණේ සාතිශය බහුතරයට එය කිසිසේත් අදාළ නැත. දකුණේ ජනප්‍රිය අරගල බිමට ද එය කිසිසේත් අදාළ නැත.   ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2019 - 2020 වර්ෂවල දී උතුරු නැගෙනහිර පළාත්වලින් අත්අඩංගුවට ගත්, එස්. උදයසිවම්, යූ. උමාසුදන්, එම්. පාර්තීපන්, එල්. ඉම්රාජ්, වයි. රො

ඇඹිලිපිටිය මිනීපිටිය - ග්‍රන්ථය (සිරිමල් විජේසිංහ)

Image
 1989 වර්ෂයේ දී සිදු කරන ලද ඇඹිලිපිටිය ශිෂ්‍ය ඝාතන අළලා 1994 වර්ෂයේ දී සිරිමල් විජේසිංහ විසින් සම්පාදිත  'ඇඹිලිපිටිය මිනීපිටිය' සම්පූර්ණ කෘතිය සිරිමල්ගේ අවසරය සහිතව පළ කරන ලදී.