Posts

Showing posts from December, 2021

Poems translated by Sri N Srivatsa

Image
An English translation by  Sri N Srivatsa  based on the Tamil translation by M. Rishan Shareef from a Sinhalese Poem originally written by Thakshila Swarnamali Sri N Srivatsa who currently lives in Noida, India is a poet who writes in English and Hindi. He translates Tamil Poems into English and Hindi. His translations have been published as poetries. Sri N Srivatsa is a member of Madras Youth Choir for 50 years. Even though he is a person of literature, he is a degree holder for Physics.

"ලාක්ෂා" - ලාක්ෂා කලාව සහ පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව (Lacquer Art & Traditional Lacquer Craftsmen) First Printing - 2019 (556 pages)

Image
  ජන විවිධත්වය අභාවයට යාම ඛේදවාචකයක් වේ නම් එසේ වන්නේ පාරම්පරික ඤාණයන්ගේ අභාවය මත ය. ජෛව විවිධත්වය අභාවයට යැවීමේ ඛේදවාචකයේ ඵලයන් සමස්ත පෘථීවිය වසා පැතිර පවතියි. සමකාසන්න කොදෙව්වාසීන් පිරිසක් වූ අප සතු වගකීම අත්නොහළ යුතු යැයි යෝජනා කරනු ලබන්නේ ජාතිකවාදී පදනමක් මත පිහිටා නොව, මෙවන් වූ ජීවයක් පවතින අප දන්නා එකම ග්‍රහලෝකය අප විසින් තවදුරටත් වනසා දමමින් සිටින හෙයිනි. පරිහානිය හා බැදුණු ප්‍රගමනයේ පරස්පරය විසින් සියල්ල අර්බුදයට යවා ඇත. ආර්ථීක ක්‍රමය තුළ ලාභ අපේක්ෂාව අත්හළ දිනෙක බොහෝ ව්‍යාකූලයන් නිරවුල් වනු ඇත. එහෙත් ඒ වන විට බොහෝ ව්‍යසනයන් සිදු වී අවසන් ය. යම් දිනෙක සාම්ප‍්‍රදායික ලාක්ෂා ශිල්පය පෘථිවිය මතින් මුළුමනින් තුරන්ව ගොස් තිබීමට බොහෝවිට ඉඩ ඇත. අප මේ ගෙවන්නේ පාරම්පරික ලාක්ෂා කලාවේ අවසන් යුගය ද විය හැක. එසේ නොවූව ද සාම්ප‍්‍රදායික ලාක්ෂා කලාව විසි එක්වන සියවසේ මුල් භාගය වනවිට පසුකළ තත්වය ලිඛිතව සනිටුහන් කර තැබීම ඉදිරි දිනෙක සංවේගාත්මක ආස්වාදයක් කැදවනු ඇත. විස්මයජනක පින්තාරු කලාවකින් සරසන ලද භාණ්ඩ පරිභෝජනය කිරීමේ සංස්කෘතිකාංගය සේ ම ලාක්ෂා පින්තාරුවක් සිදුකිරීමෙන් සහ නැරඹීමෙන් ලබන මානසික ත