"ලාක්ෂා" - ලාක්ෂා කලාව සහ පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව (Lacquer Art & Traditional Lacquer Craftsmen) First Printing - 2019 (556 pages)





 







ජන විවිධත්වය අභාවයට යාම ඛේදවාචකයක් වේ නම් එසේ වන්නේ පාරම්පරික ඤාණයන්ගේ අභාවය මත ය. ජෛව විවිධත්වය අභාවයට යැවීමේ ඛේදවාචකයේ ඵලයන් සමස්ත පෘථීවිය වසා පැතිර පවතියි. සමකාසන්න කොදෙව්වාසීන් පිරිසක් වූ අප සතු වගකීම අත්නොහළ යුතු යැයි යෝජනා කරනු ලබන්නේ ජාතිකවාදී පදනමක් මත පිහිටා නොව, මෙවන් වූ ජීවයක් පවතින අප දන්නා එකම ග්‍රහලෝකය අප විසින් තවදුරටත් වනසා දමමින් සිටින හෙයිනි. පරිහානිය හා බැදුණු ප්‍රගමනයේ පරස්පරය විසින් සියල්ල අර්බුදයට යවා ඇත. ආර්ථීක ක්‍රමය තුළ ලාභ අපේක්ෂාව අත්හළ දිනෙක බොහෝ ව්‍යාකූලයන් නිරවුල් වනු ඇත. එහෙත් ඒ වන විට බොහෝ ව්‍යසනයන් සිදු වී අවසන් ය.

යම් දිනෙක සාම්ප‍්‍රදායික ලාක්ෂා ශිල්පය පෘථිවිය මතින් මුළුමනින් තුරන්ව ගොස් තිබීමට බොහෝවිට ඉඩ ඇත. අප මේ ගෙවන්නේ පාරම්පරික ලාක්ෂා කලාවේ අවසන් යුගය ද විය හැක. එසේ නොවූව ද සාම්ප‍්‍රදායික ලාක්ෂා කලාව විසි එක්වන සියවසේ මුල් භාගය වනවිට පසුකළ තත්වය ලිඛිතව සනිටුහන් කර තැබීම ඉදිරි දිනෙක සංවේගාත්මක ආස්වාදයක් කැදවනු ඇත. විස්මයජනක පින්තාරු කලාවකින් සරසන ලද භාණ්ඩ පරිභෝජනය කිරීමේ සංස්කෘතිකාංගය සේ ම ලාක්ෂා පින්තාරුවක් සිදුකිරීමෙන් සහ නැරඹීමෙන් ලබන මානසික තෘප්තිය ඇතැම්විට අනාගත රසවතුනට අහිමි වනු ඇත. (එයින් අදහස් කරන්නේ වර්තමානයේ එබන්දක් පවතින බව නොවේ.) එසේ වූ නමුදු පෘථිවියේ වන වැස්ම සුරැුකුණු, පිරිසිදු වාතය ද පිරිසිදු ජලය ද පිරිසිදු ශාක ආහාර ද අත්විදින, මනුෂ්‍ය සත්වයන්ගේ සහ අනෙකුත් සත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත වූ, ලාභ ඉපයීම සහ සූරාකෑම මත පදනම් වූ ආර්ථික ක‍්‍රමය අභාවයට ගියා වූ, සුළුතරයකගේ ආශාවන් සපුරාලීම පිණිස සමස්තය උදෙසා ව්‍යාජ අවශ්‍යතාවන් ගොඩනොනැගුවා වූ, සංවේදීතා ද සාමූහිකතා ද සැබෑ සබදතා ද ශේෂ වූ හෙටක් පෘථිවි වාසීන්ට හිමිකර දීමේ අරගලය ජයගැනීමට නියමිත වේ නම්, පාරම්පරික ශිල්ප කලාවක අභාවය වනාහි නොතකාහැරිය හැකි ක්ෂුද්‍ර සිදුවීමක් පමණක් ලෙස ගණනය කළ හැක. එහෙත් එදවස උදා වේ නම් ඒ වන විට කෙලකෝටි ගණනක ජනයා ද සත්වයින් ද තුරුලතා ද, (වැලකිය හැකිව තිබූ) අනේක වද වේදනා විද මියගොස් අවසන් වීමෙන් වන්දි ගෙවා හමාර ය. එසේම පවත්නා අති ව්‍යසනකාරී අර්බුදයන්ට සාපේක්ෂව ද ලාක්ෂා ශිල්පයේ අභාවය වනාහි නොතකාහැරියාට කම්නැති ප‍්‍රපංචයක් ලෙස දැකීම අතිශය සාධාරණ ය. එය එසේ අභාවයට ගිය ද නොගිය ද, අන් සියලූ පින්තාරු කලාවන්ට හාත්පසින් වෙනස් වූ සුවිශේෂී පින්තාරු කලාවක අපූර්වත්වය ද එම පාරම්පරික ශිල්ප කලා ඤාණයෙන් යුතු ජනතාවගේ සංවේගජනක ප‍්‍රවෘත්තිය ද ග‍්‍රන්ථයක් තුළ යම්තාක් දුරකට හෝ ගොනුකොට තැබීම, සිංහල පර්යේෂණ සාහිත්‍යය තුළ ද පාරම්පරික ශිල්ප කලා සාහිත්‍යය තුළ ද පැවතිය යුත්තක් යැයි මා සිතන හෙයිනි මේ කෘතිය..


539 පිටුව

540 පිටුව


කිරිනයිදේ හංගිඩියා 1907 වර්ෂයේ දී ලද සහතික පත්‍රය
544 පිටුව


කිරිනයිදේ හංගිඩියලෑ ආභරණඅප්පු 1929 දී ඉන්දියාවෙන් ලද සහතික පත්‍රය
531 පිටුව


533 පිටුව






Comments

Popular posts from this blog

අගුල්මඩුවේ ලාක්ෂා ශිල්පය

බීඩි ඔතන ළදුන්

මන්දිර සරසන සේසත් කලාව