Posts

Showing posts from July, 2023

තෛයිට්ටි හමුදා විහාරය - සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍රමණයේ තවත් නිදසුනක්

Image
  මුල් ප්‍රකාශනය - නිවහල් වෙබ් අඩවිය http://www.nivahal.com/2023/06/thaiyattiPeoplesprotest.html උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම් රාජ්‍ය ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් බෞද්ධ හමුදා විහාරස්ථාන ඉදිකිරීමේ දේශපාලන බල ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම උතුරේ සිදු කරමින් සිටී. උතුරේ දෙමළ ජනතාවත් දිගින් දිගටම එයට විරෝධය දක්වමින් සිටිති. එය හුදෙක් බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීමට එරෙහි හුදෙකලා විරෝධයක් ලෙස පටු අර්ථදැක්වීමක් දකුණ තුළ ගොඩනගනු ලැබුව ද, උතුර තම නොනවතින අරගල ය තුළ දිගින් දිගටම නිශ්චිතව ප්‍රකාශ කරනු ලබන්නේ තමන් එරෙහි වන්නේ ශ්‍රී ලංකා වර්ගතාන්ත්‍රික රාජ්‍යයේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආක්‍රමණවලට බවයි. ජනතා විරෝධය නොතකමින් යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ තෛයට්ටි ප්‍රදේශයේ යුද හමුදාව විසින් අලුතින් ඉදි කරන ලද තිස්ස විහාරස්ථානයට එරෙහි උද්ඝෝෂණ ද, අත්අඩංගුවට ගැනීම් සහ පොලිස් බාධාකිරීම් මධ්‍යයේ උතුරේ ජනතාව විසින් දිගින් දිගට සිදු කරමින් පවතී. විරෝධතාකරුවන් චෝදනා කරන්නේ දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් ප්‍රාදේශිය ඉඩම් බලධාරියාගේ අනුමැතියකින් තොරව යුද හමුදාව විසි