Posts

Showing posts from November, 2022

1984 දෙසැම්බර් සංහාර

Image
  සිංහල ජනපදකරණයේ දෙමළ සමූහ ඝාතන සිහිපත් කිරීම  ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාපෘතියක් වූ උතුරේ සිංහල ජනපදකරණය පිණිස, දෙමළ ජනතාව ඔවුන්ගේ පාරම්පරික ගම්බිම්වලින් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව විසින් මුලතිව් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල සිදු කළ සමූහ ඝාතන මාලාවක් 1984 දෙසැම්බර් මස මුල් සති දෙක තුළ ක්‍රියාත්මක කරන ලදී. 1984 දෙසැම්බර් 1 සිට 1984 දෙසැම්බර් 15 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා හමුදාව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කළ සමූලඝාතන, දේපළ විනාශ කිරීම්, වධ හිංසා පැමිණවීම් සහ ස්ත්‍රී දූෂණ හරහා දෙමළ ජනතාව පදිංචිව සිටි භූමීන්ගෙන් බලහත්කාරයෙන් ඉවත්කිරීම් සිදු කරන ලදී. 1980 දශකය පුරා ම ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමටත්, ඒවායේ සිංහල ජනයා පදිංචි කිරීමටත් බොහෝ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන ලදී.  මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක, සාම්ප්‍රදායික ගොවිතැනෙහි සහ ධීවර කර්මාන්තයෙහි නිරත ජනතාවක් වාසය කළ පාරම්පරික දෙමළ ගම්මාන ගණනාවකින් සමන්විත විය. එම ප්‍රදේශ දෙමළ ජනයාට අයත් කුඩා හා විශාල ගොවිපළවලින් ද යුක්ත විය. පාරම්පරික දෙමළ ගම්මාන 50 කට ආසන්න ප්‍රමාණයක ජීවත්ව

ගුරුනගර් දේවස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයේ 29 වෙනි අනුස්මරණය නිමිත්තෙනි

Image
දකුණ එරෙහි විය යුත්තේ පාස්කු දින ප්‍රහාරයට පමණ ද? යාච්ඥා කරමින් සිටි සිවිල් ජනතාව ඉලක්කකොට, යාපනයේ ගුරුනගර් කතෝලික දේවස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මෙම නොවැම්බර් මස 13 වන දිනට වසර 29 ක් සපිරෙයි. 1993 නොවැම්බර් 13 වන දින උදෑසන 7.30 ට පමණ යාච්ඥා කිරීම සඳහා ජනතාව රැස්ව සිටින අවස්ථාවක දී යාපනයේ ශාන්ත ජේම්ස් දේවස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෝම්බ දෙකක් හෙලන ලදී. එම ප්‍රහාරයෙන් දේවස්ථානය සහ ඒ අසල පිහිටි ළදරු පාසලක්, කඩ සාප්පු දෙකක් සහ අවට නිවාස දහයක් ද විනාශ වූ අතර, මේරි ජෙයසීලි තාසියස් (50), ඇන්ටන් අංචලා (40), කුරෝස් අකිනස් 60), ජෝන්ලූත්තු සේවියර් (45), ආරෝකිනාතර් සිල්වන් සජීවන් (18), ඇන්ටන් පුස්පලීල (41), මේරි සින්තුයා මදුරනායකම් (2 ½),  සිංගරාසා ජුජින් කමලිත්ත (15), කබීරියල් ඇන්ටන් (48), අක්කිනෙස් කුරුසුපිල්ලේ (80), මේරි වෙන්නිලා අන්තෝනිපිල්ලේ  (27), සිංගරායර් ජානි කනෝජි (08) යන අය ඝාතනයට ලක් වූ අතර 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබූහ. අධික කිතුණු ජනගහනයක් වාසය කරන ගුරුනගර්හි වෙරළ තීරයේ පිහිටි ශාන්ත ජේම්ස් දේවස්ථානය 1861 දී ඉදිකරන ලද ඓතිහාසික ගො

1983 කළු ජූලිය පිළිබඳ ජනප්‍රිය සිංහල ප්‍රබන්ධය බිඳ දැමීම

Image
  අළු යට කළු ජූලිය සහ කළු ජූලියට පෙර සිදු වූ ප්‍රචණ්ඩතා ආවර්ජනය ලංකා ඉතිහාසයේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සිද්ධි දාමය තුළ දකුණේ සිංහල සමාජය වැඩිවශයෙන්ම සවිඥානික වන කළු ජූලිය වනාහි 'උතුරේ හමුදා සෙබලුන් ඝාතනය කිරීමකට ප්‍රතික්‍රියාවක් ලෙස කෝපයට පත් වූ දකුණේ සිංහල මැර පිරිස් විසින් දෙමළ ජාතිකයන්ට විරුද්ධව එල්ල කළ ප්‍රහාරයක්' ලෙස හෝ 'සිංහල දෙමළ කෝලාහලයක්' ලෙස සිංහල සමාජය තුළ ප්‍රබන්ධකරණය වී ඇත. එහෙත් 83 කළු ජූලිය යනු එක් සතියක් තුළ ඇවිළී නිවී ගිය ප්‍රචණ්ඩත්වයක් නොවන අතර එය පනහේ දශකයේ සිට ඇරඹෙමින් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් අසූව දශකයේ මුල් භාගය  වනවිට තව තවත් වර්ධනය වූ, රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරනු ලැබූ දෙමළ විරෝධී වර්ගසංහාරක ප්‍රචණ්ඩත්වයකි. සිංහල සමාජය තුළ ඉතිහාසය ලෙස ස්ථාපිතව ඇති ප්‍රබන්ධය බිඳ දමා අප සත්‍යයට අභිමුඛ විය යුතු අතර, දශක ගණනාවක් තිස්සේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විසින් වර්ගතාන්ත්‍රික රාජ්‍ය පීඩනයට එරෙහිව සිදුකරනු කරනු ලබන නොනවතින සාමූහික අරගලයේ යුක්තිසහගත බව සිංහල සමාජය  විසින් පිළිගත යුතුව ඇත. 83 කළු ජූලිය යනු ඊට මාස කිහිපයකට පෙර සිට තීව්‍ර වෙමින් තිබු