Posts

Showing posts from June, 2022

මෙය සදීෂ් කුමාර් පිළිබඳ හුදෙකලා සටහනක් නොවේ.

Image
මෙය සදීෂ් කුමාර් පිළිබඳ හුදෙකලා ගැටලුවක් නොවේ.  දේවල් ලියනා මුත් සාහිත්‍ය ලෝලියෙකු නොවෙමි. රාජ්‍ය පවතින තෙක් වැසියා අරගල ලෝලියෙකු විය යුතු ය. එතැන්හි දී සදීෂ්ව නොමත්ව පසසමි. සාහිත්‍යය උත්කර්ෂයට නොනගමි. එහෙත් එය අරගල බිම මත තබා මනින්නෙමි. 'ඉරුම්බුක් කදවුක්කුල්ලිරුන්දු' (යකඩ දොරක් තුළ හිඳ - කවි - 2012), 'විඩියලෛ තේඩුම් ඉරවුහල්' (අලුයම සොයන රාත්‍රී න් - කවි - 2016), සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු ( සිරගෙයි සිට සිංහල සහෝදරත්වයට - කවි - 2017), වේප්ප මරමුම් පවලම් ආච්චියුම් (කොහොඹ ගහ සහ පවලම් ආච්චි - කෙටිකතා) සදීෂ් කුමාර් මෙතෙක් ප්‍රකාශයට පත්කර ඇති කෘතීන් ය. 44 හැවිරිදි, උතුරේ විවේකානන්ද නගර්හි සදීෂ් කුමාර්, වසර 14 ක සිට මේ දක්වා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටින දේශපාලන සිරකරුවෙකි. මෙය කියවන ඔබ, සිරගතව සිටිද්දී ඔහුට සාහිත්‍යකරණයේ නියැලීමට ඉඩ දුන් රජයට හිස නමා ආචාර කිරීමටත්, ත්‍රස්තවාදියාගේ වුවත් භාෂණයේ නිදහස රාජපක්ෂලා සුරක්ෂිත කර ඇති බව කියන්නටත්, සූදානම් වන්නේ නම්... ඔබ සියදවි නසාගත් සමූලඝාතකයෙකි. (රාජ්‍ය පීඩනයට ප්‍රතික්‍රියා දැක්වූ අරගලකරු