Posts

Showing posts from April, 2023

බක් මස සංහාර සැමරුම ! අයියන්කෝවිලඩි සහ පට්ටිත්තඩල් සමූහඝාතන ස්මරණය...

Image
මෙම බක් මසට, ශ්‍රී ලංකා හමුදාව විසින් පුදුකුඩිඉරිප්පු අයියන්කෝවිලඩි සමූහඝාතනය සිදුකොට වසර 38 ක් ද  පට්ටිත්තඩල් සමූහඝාතනය සිදු කොට වසර 36 ක් ද ගත වී ඇත. ඉතිහාසයක් පුරා දිවයින තුළ සෑම මසකම සිදු කළ රාජ්‍ය අපරාධයන් අතර බක් මස අපරාධයන් ද තවත් එක් ඛේදවාචකයක් පමණක් වන අතර මාසයක් නිසා වූ සුවිශේෂත්වයක් නොමැති වුව ද, ධනවාදී සමාජ ආරථික ක්‍රමයේ වුවමනාවන් සපුරාලමින් සිංහල සමාජය ආයාසයෙන් කැඳවනා අවුරුදු අසිරිය තුළ දකුණේ සිදු කළ රාජ්‍ය මරදනයන් සේ ම උතුරු නැගෙනහිර දෙමළ විරෝධී රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ද සිහිපත් කිරීමට නිදසුන් දැක්වීම අරබයා පුදුකුඩිඉරිප්පු අයියන්කෝවිලඩි සමූහඝාතනය සහ පට්ටිත්තඩල් සමූහඝාතනය තෝරාගන්නා ලද අතර, එම සංහාරයන් ද සිංහල සමාජය විසින් හැරී නොබලන ලද්දා වූ, නිරායුද දෙමළ වැසියන් සමූහඝාතනය කළ ඛේදවාචකයන් රාශියක් අතරින් තවත් සිදුවීම් දෙකක් පමණක් වන අතර, බොහෝ දෙනාගේ පමා වූ අවධානය පිණිස අපි ඒවා මෙලෙස සටහන්කොට තබමු. පුදුකුඩිඉරිප්පු අයියන්කෝවිලඩි සමූහඝාතනය - 1985 අප්‍රේල් 21 මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය මුලතිව් නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටා ඇත. 1985.04.21 දින

උඩුම්පන්කුලම් සංහාරය

Image
  උඩුම්පන්කුලම් සංහාරය දිනය -  1986 පෙබරවාරි 19 ස්ථානය - අම්පාර දිස්ත්‍රික්කයේ උඩුම්පන්කුලම් ග්‍රාමය (තංගවේලායුදපුරම්) ඝාතනය කළ ගම් වැසියන් සංඛ්‍යාව - 128  1986 පෙබරවාරි 19 වන දින ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායේ (එස්.ටී.එෆ්.) භටයින් විසින් උඩුම්පන්කුලම් දෙමළ ගම්මානයේ කුඹුරුවල ගොවිතැන් කටයුතු කරමින් සිටි දෙමළ ගොවියන් 128 දෙනෙකු කෙත් යායෙහි කමතේ දී පහර දී, කපා කොටා සහ වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම සංහාරය සිදු කර පසුගිය ‌පෙබරවාරි මසට වසර 37 ක් ඉකුත් විය. ශ්‍රී ලංකා වර්ගතාන්ත්‍රික අපරාධ රාජ්‍යයෙහි සිංහල ස්වෝත්තමවාදය විසින් සිදු කළ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය තුළ මිහිදන් කළ තවත් එක් ඛේදවාචකයක් වන උඩුම්පන්කුලම් සමූහ ඝාතනයට ‌ගොදුරුවූවනට ද සුපුරුදු පරිදි භූමිය මත සේ ම ශ්‍රී ලංකා ඉතිහාසය මත ද සොහොන් කොත් නොමැත. සාමූහිකව ඔවුන් විඳි සියලු වධ වේදනාවන්හි මතකයන් අනාගත පරපුරට පවරා දෙනු පිණිස ද ඔවුන්ට යුක්තිය ඉටු නොවූ බව සිහිපත් කරනු පිණිස ද සිංහල ලේඛන ස්මාරක මත, අතීතය වළ නොදමා රෝපණය කළ යුතුව ඇත. 1986 වර්ෂයේ පෙබරවාරි 19 වන දින උදෑසන 10.00 ට පමණ සෙබළුන් පිරිසක් සමඟ සන්නද්ධ රථ තංගවේලායුදපුරම් වෙත පැ