Posts

Showing posts from May, 2023

1985 ත්‍රිකුණාමල සංහාර

Image
සිංහල ස්වෝත්තමවාදී උන්මාදයේ පීඩනය  දෙමළාට එරෙහිව මුදා හැරීම අවසන් වූ දිනෙක, දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ අතීතය  හාරා ඇවිස්සීම අවසන් කළ හැක. එතෙක් එය නොනැවැත්විය යුත්තකි. දෙමළාට එරෙහි පීඩනය ද  පීඩනයට එරෙහි අරගලය ද  අවසන් වී නොමැති බැවිනි. , සිංහල ඉතිහාස ප්‍රබන්ධය බිඳ දමා සත්‍යයට අභිමුඛ වීම අනාගතය වෙනුවෙන් සිදු කළ යුතු බැවිනි. , එකී ක්‍රියාවලියෙහි බරපතල කාර්යභාරය සිංහල සමාජය අභිමුවෙහි පවතින්නක් බැවිනි. 1985 ත්‍රිකුණාමල සංහාරය යනුවෙන් හඳුන්වනු ලබන්නේ, පාරම්පරික දෙමළ ජනාවාස ඉවත් කර සිංහල ජනපද ව්‍යාප්ත කරමින් සිංහල අධිපතිවාදී රාජ්‍යයේ දේශපාලන බල ව්‍යාප්තිය සඳහා, 1985 වර්ෂයේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා, ‌ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ සිංහල ග්‍රාම ආරක්ෂක භටයින් විසින් සිංහල මැර කණ්ඩායම්වල ද සහයෝගය ඇතිව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි දෙමළ සිවිල් වැසියන් මහාපරිමාණයෙන් මරා දැමීමේ සැලසුම් සහගත සමූහ ඝාතන මාලාවකි.  සැප්තැම්බර් මාසයෙන් පසුව ද මෙම වර්ෂය තුළ ත්‍රිකුණාලමය දිස්ත්‍රික්කයේ තවදුරටත් සමූහ ඝාතන සිදු කරන ලද අතර මෙම ලිපියෙහි අවසන එම සිදුවීම් පිළිබඳව ද දක්වා ඇත.  දෙමළ නිජබිම් අත

කුමුදිනී සංහාරය 1985.05.15

Image
  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 'කුමුදුනී' සමුද්‍ර යාත්‍රාවේ ගමන් කරමින් සිටි නිරායුද දෙමළ වැසියන් පිරිසක් සමූහ ඝාතනය කර මෙම මැයි මස 15 වන දිනට වසර 38 ක් සපිරේ. කුමුදිනී බෝට්ටුවේ සිටි මගීන් 72 දෙනා අතරින් 36-48 ත් දක්වා වූ සංඛ්‍යාවක් සාහසික ලෙස කපාකොටා ඝාතනය කළ බවට, වධ හිංසා ලැබ දිවි ගලවාගත් මගීන් ද දිවි පිදූවන්ගේ ඥාතීන් ද මානව හිමිකම් ක්‍රියාකාරීන් ද මානව හිමිකම් සංවිධාන ලේඛන ද සාක්ෂි දරයි. ඩෙල්ෆ්ට් (නෙඩුන්තීව්) දුපතේ ස්ථාපිත කර තිබෙන කුමුදිනී ස්මාරකයට  උපහාර දක්වමින්  සෑම මැයි 15 වන දිනකම ඩෙල්ෆ්ට් වැසියන් විසින් ‌මෙම ඛේදවාචකය අනුස්මරණය කරනු ලබයි. කුමුදිනී සංහාරය සිදු වූ පසු Amnesty International සංවිධානය මගින් ඝාතනයට ලක් වූ මගීන් 23 දෙනෙකු නම් වශයෙන් හඳුනාගත් අතර, NESOHR සංවිධානය විසින් මෙම සිදුවීමේ දී ඝාතනය කළ පුද්ගලයින් 43 දෙනෙකුගේ නම් ප්‍රකාශයට පත් කර ඇත. එනම්, පසුපතී නිර්මලාදේවි (20), කන්දයියා සතාසිවම් (56), ‌ජේසුදාස් (46), මරියම්මා පතිනාදම් (49), කනකලින්ගම් (34), තිල්ලනාදන් (32), ගණප්‍රකාසම් මරියමානික්කම් (45), සදයාර් ගෝවින්දන් (46), සෙබමලෙයි අන්තෝනිප්පිල්ලෙයි (45),