Posts

Showing posts from 2021

Poems translated by Sri N Srivatsa

Image
An English translation by  Sri N Srivatsa  based on the Tamil translation by M. Rishan Shareef from a Sinhalese Poem originally written by Thakshila Swarnamali Sri N Srivatsa who currently lives in Noida, India is a poet who writes in English and Hindi. He translates Tamil Poems into English and Hindi. His translations have been published as poetries. Sri N Srivatsa is a member of Madras Youth Choir for 50 years. Even though he is a person of literature, he is a degree holder for Physics.

"ලාක්ෂා" - ලාක්ෂා කලාව සහ පාරම්පරික ලාක්ෂා ශිල්පීය ජනතාව (Lacquer Art & Traditional Lacquer Craftsmen) First Printing - 2019 (556 pages)

Image
  ජන විවිධත්වය අභාවයට යාම ඛේදවාචකයක් වේ නම් එසේ වන්නේ පාරම්පරික ඤාණයන්ගේ අභාවය මත ය. ජෛව විවිධත්වය අභාවයට යැවීමේ ඛේදවාචකයේ ඵලයන් සමස්ත පෘථීවිය වසා පැතිර පවතියි. සමකාසන්න කොදෙව්වාසීන් පිරිසක් වූ අප සතු වගකීම අත්නොහළ යුතු යැයි යෝජනා කරනු ලබන්නේ ජාතිකවාදී පදනමක් මත පිහිටා නොව, මෙවන් වූ ජීවයක් පවතින අප දන්නා එකම ග්‍රහලෝකය අප විසින් තවදුරටත් වනසා දමමින් සිටින හෙයිනි. පරිහානිය හා බැදුණු ප්‍රගමනයේ පරස්පරය විසින් සියල්ල අර්බුදයට යවා ඇත. ආර්ථීක ක්‍රමය තුළ ලාභ අපේක්ෂාව අත්හළ දිනෙක බොහෝ ව්‍යාකූලයන් නිරවුල් වනු ඇත. එහෙත් ඒ වන විට බොහෝ ව්‍යසනයන් සිදු වී අවසන් ය. යම් දිනෙක සාම්ප‍්‍රදායික ලාක්ෂා ශිල්පය පෘථිවිය මතින් මුළුමනින් තුරන්ව ගොස් තිබීමට බොහෝවිට ඉඩ ඇත. අප මේ ගෙවන්නේ පාරම්පරික ලාක්ෂා කලාවේ අවසන් යුගය ද විය හැක. එසේ නොවූව ද සාම්ප‍්‍රදායික ලාක්ෂා කලාව විසි එක්වන සියවසේ මුල් භාගය වනවිට පසුකළ තත්වය ලිඛිතව සනිටුහන් කර තැබීම ඉදිරි දිනෙක සංවේගාත්මක ආස්වාදයක් කැදවනු ඇත. විස්මයජනක පින්තාරු කලාවකින් සරසන ලද භාණ්ඩ පරිභෝජනය කිරීමේ සංස්කෘතිකාංගය සේ ම ලාක්ෂා පින්තාරුවක් සිදුකිරීමෙන් සහ නැරඹීමෙන් ලබන මානසික ත

Lanka News Web පිළිසදර 2021.9.5

Image
  සංවාදය - ඩිල්ශානි චතුරිකා දාබරේ තක්ෂිලා ස්වර්ණමාලි - සමාජ විද්‍යාත්මක පර්යේෂණ කෘති, කාව්‍ය ග්‍රන්ථ, නවකතා, කෙටිකතා, අධ්‍යාපනික සාහිත්‍ය විචාර කෘති ආදී විවිධ ශානරවල කෘති 20 ක් පමණ මේ වනවිට රචනා කරමින් ස්වකේය අනන්‍යතාව තහවුරු කරමින්, නිශ්චිත දේශපාලන දැක්මක් සහිතව නිර්මාණකරණයේ යෙදෙන්නියකි. ඇයගේ කෘතීන්ගෙන් කෘති 3 ක් දෙමළ භාෂාවට පරිවර්තනය කර ඇති අතර ඇතැම් නිර්මාණ මලයාලම්, හින්දි සහ ඉංග්‍රීසි භාෂාවන්ට පරිවර්තනය වී ඇත. 2018 වර්ෂයේ දී සමාජවිද්‍යාව විෂය සඳහා ආචාර්ය උපාධිය ලද තක්ෂිලා ස්වර්ණමාලි, සංක්‍රාන්ති සමාජභාවය - කින්නර කුලය - නවන්දන්න කුලය සහ පාරම්පරික ලාක්ෂා ශිල්පීන් පිළිබඳව ග්‍රන්ථ රචනා කළ ප්‍රථම සිංහල කතුවරයා යි. ඇගේ ‘අකලට ආකලට අකුලට’ කාව්‍ය සංග්‍රහය, ‘ගැලූ ලේ ලූ විලවුන් බහාලුම’ කවි එකතුව, ‘සංවේගප්‍රාප්ත පෙම්වතුන් හරිහතරැස් කවුළුවට අවසන් බුහුමන් පුදා ගෙමිදුලෙන් නික්මුණ ද’ කෙටිකතා සංග්‍රහය සහ ‘බීඩි’ නවකතාව මෑතකදී ඇය විසින් පළකරන ලද කෘති සතරයි. 'බීඩි' නවකතාවත්, වත්මන් සමාජ දේශපාලන පසුබිමත් සම්බන්ධයෙන් ඇය සමඟ කළ සංවාදයක සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ. 01) ගුරු අයිතීන් වෙනුවෙන්, කලෙක

බීඩි (Novel) "பீடி" (நாவல்) First Printing - 2021

Image
අපි ජීවත්වෙන්නෙ ඇත්තක නෙමෙයි. අපි ජීවත්වෙන්නෙ ප්‍රබන්ධයක. We are not living in the truth. We are living in a fiction. நாங்கள் வாழ்வது உண்மைக்குள் அல்ல, புனைவுக்குள்.

එම්. රිෂාන් ෂරීෆ් (எம்.ரிஷான் ஷெரீப்)

Image
  2017.07.02  'රාවය' පුවත්පතෙහි පල වූ, ස්වතන්ත්‍ර සාහිත්‍ය නිර්මාණකරුවකු - පරිවර්තන සාහිත්‍යකරුවකු - මාධ්‍ය වේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන, දේශසීමා මායිම් තරණය කළ රිෂාන් ෂරීෆ් සමග කළ පිළිසදර (සංවාද සටහන - තක්ෂිලා ස්වර්ණමාලි) ඉන්දියාවෙදි 2010 වර්ෂයේ ප්‍රකාශයටපත් කෙරුණු රිෂාන්ගෙ මුල්ම කෘතිය ගැන මුලින්ම මතක් කළොත්.. ඒක කවි පොතක්. මගෙ ඒ කවි පොතේ නම 'වීල්දලින් නිළල්'. ඒකෙ තේරුම 'වැටෙන දෙයක හෙවනැල්ල'. උස තැනක ඉඳල මොනවහරි වැටනකොට තත්පර ගාණකට හෙවනැල්ලක් තියනවා. ඒක වැටුණහම ඒ හෙවනැල්ල  අතුරුදහන් වෙනවා. ඊළම් යුද්ධයත් එහෙමයි. ගොඩාක් උස තැනක ඉඳල බිම වැටුණා. ඒක උස තැනට ගෙනියන්න ගොඩාක්  අය මහන්සි වුණා. වැටුණට පස්සේ ඒ අය හෙවනැල්ල වගේ අතුරුදන් වුණා, නැත්නම් අතුරුදන් කළා. වැටුණු දෙයට මොකුත්ම කරන්න බැරි වුණා. ලේ මැදින් යටත්වුණා. ලේ පැල්ලම් ටික ඉතුරු වුණා. මේ පොතේ තියෙන්නෙ මම ම ලියපු කවි ටිකක්. ප්‍රතිචාර හොඳයි කියල හිතනවා. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ දමිල කවි පොතක් පළවෙනි  මුද්‍රණයෙන් එහාට යන එක අඩුයි. මේ කවි පොත තුන්වෙනි මුද්‍රණයටත් සූදානම්. රිෂාන් ඊළගට කරපු සාහිත්‍ය කෘතියට ලංකාවෙ

'විශ්වකර්ම' - නවන්දන්න ජනතාව (Sociological review on 'Nawandanna' caste) First Printing - 2019, 248 pages

Image
පිටු 248 න් කිහිපයක්...