Posts

Showing posts from July, 2022

அந்திமகாலத்து நேசம் - Sri Ranjani

Image
  தக்‌ஷிலா ஸ்வர்ணமாலியின் அந்திமகாலத்து நேசம் என்ற சிறுகதைத் தொகுப்பு மனித மனங்களின் மென்னுணர்வுகளைப் பற்றி உணர்வுபூர்வமாகப் பேசுகின்றது. இதிலுள்ள கருப்பொருள்களுடன் தொடர்பான கதைகளை ஏற்கனவே வேறு சில எழுத்தாளர்களும் எழுதியிருக்கின்றனர், எனினும், சமூகத்தினால் அங்கீகரிக்கப்படாத அத்தகைய விடயங்களைக் குறித்தவரின் குற்றமாகவே அவர்கள் பொதுவில் காட்டியிருக்கின்றனர்.  தக்‌ஷிலாவோ அவை யாவும் மனித மனங்களின் இயல்புகளே என மிக இயல்பாகச் சித்தரித்திருக்கிறார். அவ்வகையில் அவர் நிகழ்த்தியிருக்கும் சமூகக் கட்டுடைப்பும், அவரின் எழுத்தின் தனித்துவமும் பல்வேறு வகையான வாசகர்களையும் அவர்பால் ஈர்த்திருக்கிறது. சிங்கள மொழியில் படைக்கப்பட்டிருந்த இந்தக் கதைகளை அழகான தமிழில், உயிர்ப்பான வார்த்தைகளுக்கூடாக மிகச் சிறப்பாக மொழிபெயர்த்திருக்கும் எம்.ரிஷான் ஷெரிப் அவர்களின் மொழியாற்றலும் இந்தத் தொகுப்பு அதிகம் பேசப்படுவதற்கான ஒரு முக்கிய காரணம் என்றால் அது மிகையாகாது. இந்தத் தொகுப்பில் இடம்பெற்றிருக்கும் பத்துக் கதைகளில் முதலாவது கதையான, ‘தெருவழியே’ என்ற கதை ஒரு பாலியல் தொழிலாளர் மீது காதல்கொண்ட பெண் ஒருவரின் உணர்வுகளையு

'භාෂාව තුළින් හමුවීම - 02' (Widening Horizons - 02) - අක්කරෙයිපත්තු හමුව - 2022.03.27

Image
'බීඩි' (නවකතාව) "பீடி" (நாவல்) සහ සංවේගප්‍රාප්ත පෙම්වතුන් හරිහතරැස් කවුලුවට අවසන් බුහුමන් පුදා ගෙමිදුලෙන් නික්මුණද  ''கடுந்துயருற்ற காதலர்கள் சதுர சாளரத்திற்கு இறுதி அஞ்சலி செலுத்திவிட்டு முற்றத்திலிருந்து வெளியேறிய போதிலும்''  පරිවර්තනය - රිෂාන් ශරීෆ් රිෂාන් ශරීෆ් උමා වරදරාජන් උමා වරදරාජන් අබ්දුල් ජමීල් සජීත් අහමඩ් ජිෆ්රි හසන් - සිරාජ් මෂූර් ඉසුරු - ජෙගන් උමා වරදරාජන් - ගීතදේව චින්තක ගීතදේව මුල් ගායනය - තනුව - පද - අර්ජුමාන් ARJUMANN

'அகழ்' පිළිසඳර - 2021 අප්‍රේල්

Image
ප්‍රියදර්ශනී සිවරාජා විසින් දමිළ භාෂාවට පරිවර්තනය කරන ලද, අනෝජන් බාලක්‍රිෂ්ණන් විසින් තක්ෂිලා ස්වර්ණමාලි සමග කරන ලද පිළිසඳර ඔබ ඉපදී හැදී වැඩුණු පවුලේ සාහිත්‍ය පසුබිම පිළබඳව සඳහන් කළොත්... මගෙ තාත්තා 1961 අවුරුද්දෙ උපාධිය ගත්තු, සිංහල සාහිත්‍ය විෂය උගන්වපු, පරණ පාසල් ගුරුවරයෙක්. තාත්තට විශාල පොත් එකතුවක් තිබුණා. පුංචි කාලෙ මම ඒව කියවල තේරුම්ගන්න උත්සාහ කළා. තාත්ත සාම්ප්‍රදායික සාහිත්‍ය රාමුව ප්‍රතික්ෂේප කරපු, එවකට නූතන සාහිත්‍ය ධාරාව අගය කරපු කෙනෙක්. ඉස්කෝලෙ 13 ශ්‍රේණිය දක්වා අවුරුදු 5 ක් මට සිංහල සාහිත්‍යය විෂය උගන්වපු ගුරුවරයත් මගෙ තාත්ත. මගේ ජීවිතේ ආරම්භක කාලෙ මගෙ සාහිත්‍ය වටපිටාව ගොඩනැගුණෙ ප්‍රධාන වශයෙන්ම මගෙ තාත්ත අතින් කියල මට හිතෙනව.  ලාං‌කේය දෙමළ සාහිත්‍යයේ නොවැළැකිවිය හැකි ලෙස යුද අත්දැකීම් පවතිනවා. සිංහල සාහිත්‍යයේ යුද්ධය පිළිබඳව කොතරම් දුරට සාකාච්ඡා වී පවතිනවා ද? සිංහල සාහිත්‍යය තුළ යුද්ධය තේමාවුණු නිර්මාණ වැඩි වශයෙන්ම හමුවෙන්නෙ කාව්‍ය සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය තුළ. දෙමළ ජනතාව වින්ඳ පීඩනය පිළිබඳව සිංහල සාහිත්‍යය තුළින් කතා කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. කවුරුහරි සිංහල කෙනෙ

බීඩි - Lanka Target පිළිසඳර - 2022 මාර්තු 5

Image
නිර්මාණකරණයට වඩා, පවතින සමාජ ක්‍රමයට එරෙහි වීමේ දේශපාලනය කිරීමයි වැදගත් උපුටාගැනීම - ලංකා ටාගට් වෙබ් අඩවියෙනි   මොකද්ද මේ බීඩිය? ඒ බීඩියි මේ බීඩියි දෙකම ප්‍රකාශනයන්. මේකෙ ලක්ෂණ දිහා බලපුවාම මේක නවකතා පොතක් කියල තමයි අනිත් අය කියන්නෙ. මටත් එහෙම පේනවා. යමක් ලිව්වා මිසක් නවකතාවක් ලියනවා කියලා හිතාන ලිව්ව එකක් නෙමෙයි.  නවකතා අතර වෙනස් ආකෘතීන් නාමකරණයෙන් ගෙන නිර්මාණ කිරීම අපි දැක තිබෙනවා. මෙහි අන්තර්ගතය තුළ ඔබ කියන්නේ කුමක් ද? අහවල් එක කීම සදහා මම මේක ලියනවා කියල හිතාන ලිව්වෙ නෑ. යම් නිශ්චිත විග්‍රහයක් සහිතව, පවතින සමාජ වටපිටාව සම්බන්ධව මගෙ තුළ පීඩනයක් තියෙනවා. බීඩි කියන්නෙ යම් මොහොතක තිබ්බ පීඩනයක ප්‍රකාශනයක්. ඒ පීඩනය ප්‍රකාශයට පත්කිරීම තුළ  විරෝධයපෑමක් තියෙනව. මාස දෙකක් වගේ කෙටි කාලයකදි මට විවේකය ලැබෙන වෙලාවල මම මේක වේගයෙන් ටයිප් කරගෙන ටයිප් කරගෙන ගියා. ටයිප් කරපුවා මොකුත් ආයෙ එඩිට් කළේ නෑ. ටයිප් කරලා ඉවරවෙලා හැරිලා බැලුවා මම ඒ ටයිප් කළේ මොනවද කියල. ඒවට මට තේරුම් තියෙනවා. කියවන කෙනාට ඒ තේරුම් ඒ විදියටම ලබා දෙන්න පොතකින් බෑ. මේ පොතේ මුල් කවරේ ඉදන් අග කවරෙ දක්වා අයි එස් බී එන් පිටුවෙ පවා බීඩ