Posts

Showing posts from February, 2023

දීපචෙල්වන්ගේ 'ස්මාරක ශිලාවත' (නඩුගල්)

Image
  මධුර මනෝහර පොළොවක සියල්ලන් සුඛිත මුදිතව සිටිනා කලෙක අපට සාහිත්‍යයෙන් වළාකුළු මත පාව යා හැක. එතෙක්, වධ වේදනා විඳ මියෙන මිනිසුන් ද සතුන් ද ගහකොළ ද වෙනුවෙන් නොනවතින අරගලයක අවශ්‍යතාව මහපොළොව මත තව තවත් ප්‍රබලව ශේෂව ඇත. සිංහල ප්‍රබන්ධ දෙමළට පරිවර්තනය වීමේ කාර්යභාරය මේ මොහොතේ මේ දූපත මත ඇති සැබෑ දේශපාලනික වුවමනාවක් නොවීම සත්‍යය යි. සිංහල සමාජයට තවමත් දෙමළ අරගලකරුවා ත්‍රස්තවාදියෙකු වීමේ සැබෑව ද සන්නද්ධ දෙමළ ජාතික අරගලයේ ‌අභිලාෂයන්ගේ යුක්තිසහගත බව පිළිගැනීම තබා අවම වශයෙන් පූර්ණ බලතල සහිත ෆෙඩරල් ක්‍රමයක අවශ්‍යතාවය සම්බන්ධ වචන මාත්‍රයකුදු නොදොඩා උතුරු දකුණු ඊනියා සමගිය ගැන ම දොඩන සිංහල සමාජයේ ඒකීය රාජ්‍ය ලෝලීත්වය ද හඳුනාගැනීමට නම් අතැම් සිංහලෙන් දෙමළට සිදු කරන පරිවර්තන උපකාරී වනු ඇත.  එහෙත් දෙමළ සමාජය සම්බන්ධ සියුම් දේශපාලනික නිරවද්‍යතාවන් පැහැදිලිව හඳුනාගැනීමට තරම් සිංහල පාඨක සමාජය මෝරා නැති බැවින්, සිංහල සමාජයට කැඳවන දෙමළ නිර්මාණ පිළිබඳව අප ප්‍රවේසම් විය යුතුව ඇත. මන්ද මේ මොහොතට අත්‍යවශ්‍ය වූ නිශ්චිත නිවැරදි දේශපාලනික අරමුණු උදෙසා සහයෝගී නිර්මාණ තේරීමේ වගකීම නොසලකා සිටිය නොහැක්කා වූ ප්‍රබල ද