මන්දිර සරසන සේසත් කලාව
මන්දිර සරසන සේසත් කලාව (රාවය - 04.06.2017) “පිළිමතලාව, නුවර, කොළඹ කඩවලට සේසත් දාන්නෙ. නුවරින් සේසත් ගන්නෙ අඩු ගානට. දළදාමාලිගාවට දෙන්න වෙන්නෙ ගොඩක්ම අඩු මිලට. කොළඹ ගෙනියන එකයි ලාබ. ගෙවල්වලට පන්සල්වලට හෝටල්වලට උත්සවවලට පෙරහැරවල්වලට ලොකු කාර්යාලවලට හෙම ගන්නව, අපි කඩවලට දාන බඩු. පහුගිය කාලෙ චෝගම්වලට සෑහෙන්න වික්ක. චෝගම් එකෙන් ඉල්ලපු ගාන දෙන්නත් බැරි උනා උණවේරුවෙ අපි හැමෝම හදලත්. ඒකෙදි අපේම අය අපිටම වංචා කළා. අතරමැදියො වෙච්ච අපි එක්කම සේසත් හදන අය අපෙන් අඩු ගාන්ට අරන් වැඩි ගානට දීලා. අපි අපිටවත් ආරෝවක් නැතුව ඉන්න විදියක් නෑ සල්ලි ප්‍රශ්න හන්දා. අපිව රවට්ටන්න ශිල්පසභාවෙන් බොරුවට අපිට සම්මාන දෙනව. සමහර තෑගි තවම ලැබිලා නෑ. ශිල්පසභාව ගසාකනව. ලක්සලත් අපිව හූරන් කනව. ආණ්ඩුව අපේ ශිල්පියන්ව රට යවල ප්‍රදර්ශනය කරල අපිව විකුණගෙන කනව. අපිට ලැබෙන දෙයක් නෑ.” උණවේරුවේ පාරම්පරික සේසත් නිර්මාණ ශිල්පියකු එසේ පැවසීය. එදා සේසත යනු ස්තරගත සමාජයෙහි ඉහළ පැළැන්තියේ පරිභෝජන භාණ්ඩයකි. එදා එම භාණ්ඩයෙහි වූ පරිභෝජන අවශ්‍යතාවය අද අහෝසි වුව ද, එදා සමාජයෙහි වූ ධූරාවලි රටාව අද වෙනස් වුව ද, අද ද සේසත ඉහළ පැළැන්...
good job
ReplyDelete